'' මිධුනාථ , නාථ...මිද්දෝ-ඕ... නැගී සිටින්න ඉදින්.. කෝ..... '' සුලෝධජ උනන්දුවෙන් පවසන ආකාරය ඇසුණ ද මිධුනාථට තවත් මදක් සැතපීමට ඇවැසි විය . ඔහු සුලෝධජගේ රළු හස්තයෙන් මෘදුව අල්ලාගෙනම නැවතත් දෑස් මදකට පියවා ගත්තේ සුව දිගු නින්දක් අපේක්ෂාවෙනි .
'' ඒයි.. ඉස්ගෙඩියෝ.. නැගී සිටින්න ඉදින්... ඔබේ ජන්ම දිනය අද ..... වයසට ගොසින් ද ඔබ නැගී සිටින්න ඉදින්.... '' සුලෝධජ තවමත් පහව නොගිය උනන්දුවෙන් පවසනු මිධුනාථ අසා සිටිය ද ඔහු අපහසුවෙන් දෑස් විවර කර සුලෝධජ වෙත රවා නැවතත් දෑස් වසා ගත්තේ ය. තමා සිටින තත්වය පිළිබද , මෙකී අඥානයාට කිසිදු වැටහීමක් නොවූයේ මන්දැයි මිධුනාථ සිතින් සිතා බැලුවේ ය. ඔහු මෙහි නැගී සිටීමට ගිය හොත් ඔහුගේ අභිමානයට ද දැරිය නොහැකි හානියක් සිදු වන වග ද මිධුනාථ දැන සිටියේ ය. ඔහුගේ මුහුණෙහි පෙනුම සමාන්‍ය වුව ද තවමත් තමාට නැගිට ගත නොහැකි තරමින් වූ විඩාව දැනුවත් වූයේ මිධුනාථ පමණක් විය .
'' මිද්දෝ-ඕ... '' සුලෝධජ නැවතත් හඩගානු ඇසුණු මිධුනාථ එවර අපහසුවක් නොපවන්වා සුලෝධජ වෙත රවමින් සයනයෙහි ඍජුව අසුන් ගත්තේ ය. සිය කොදු ඇට පෙළ හරහා ඉහළට පැතිර හා වේදනාව මිධුනාථ නොසලකා හැරියේ ය. ඔහු තවත් කුමක් හෝ පැවසීමට පෙර සුලොධජ තමාට සමීප වෙමින් ඔහුව මෘදුව සිපගනු මිධුනාථට දැනුණි . ඔහු ද සුලෝධජ පෙරළා සිපගත්තේ ය.
'' නුඹ අපහසුවෙන් ද ? '' සුලෝධජ විමසුවේ ය. කෙදිනකවත් නොවූ ලෙස තමා සුලෝධජ රළු ලෙස සිපගත් වග මිධුනාථ හට වැටහී ගියේ ය.
'' තමුන් උමතුවෙන් ද ? මා සුවෙන්.. '' මිධුනාථ උස් හඩින් පැවසුවේ සුලෝධජගේ මුහුණෙහි මතුවූ උපහාසාත්මක සිනහාව වෙත රවමිනි . ඔහු සුලෝධජගේ බද වටා හස්තය යවා ඔහු සිර කරගත්තේ ඔහුගේ දෙතොල් නැවතත් ජයග්‍රාහී ලෙස සිය යටතට ගනිමිනි . ඔහු දීර්ඝ හා උණුසුම් සිපගැනීම් වාර කිහිපයකින්ම පසුව සුලෝධජගෙන් මදකට ඈත් විය .
'' වත් හිමි ආස්ථානය අද දින රැස්වනවා... වැදගත් තීරණ කිහිපයක් තිබේ... මා පිටව යා යුතුයි.. ඔබ විවේක ගන්න.. අවසන් වූ සැනින් මා මෙහි.. '' සුලෝධජ මෘදුව පැවසුවේ ලොහිත පැහැ ඇතිරිලි ඔහුගේ සිරුර වටා ඔතා ගනිමිනි .
YOU ARE READING
♛ අග්නි ♛
Historical FictionSTORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි...