අග්නි 24

1.6K 407 338
                                    

'' ඔබ නැවතත් දීඝ අසපුව වෙත ද පිටවන්නේ ? '' අග්නි දීඝ අසපුවෙහි මුනි ශිෂ්‍යයා වූ කාලගෙන් විමසුවේ ය.

'' එසේයි ස්වාමිනි.. '' ඔහු පැවසුවේ ආචාර කරමිනි. අග්නිගේ පෙර පහරදීම්වලින් දීඝ සිසුවා තරමක් , අඩපණ ස්වරූපයක් පෙන්වී ය.

'' ඔබ භාසුගෙන්.... මා අදහස් කලේ සුලෝධජ කුමරුන්ගෙන් ප්‍රතිකාර ලබාගන්න...නැතහොත් ඔබටම හැකිනේ ප්‍රතිකාර කරගැනීමට ? '' අග්නි පැවසුවේ සන්සුන් හඩිනි.

'' හොදමයි ස්වාමිනි... '' කාල , පැවසුවේ අග්නිට ආචාර කරමිනි. මිධුනාථ පැමිණි අශ්වයාද නැවත , දීඝ සිසුවාට දීමට අග්නි කටයුතු කලේ තමා විසින් ඔහුගේ වම් පාදය ද උළුක් කර තිබූ නිසාවෙනි .

මිධුනාථ තමා පැමිණෙන තුරු බලා සිටින වග දුටු අග්නි ඉක්මනින්ම දීඝ ශිෂ්‍යයාට සමු දී ඒ දෙසට දිව ගියේ ය.

'' ඔහු ගැටලුවක් නොවේවි ද ? '' මිධුනාථ රළුව එහෙත් සන්සුන්ව විමසුවේ දීඝ සිසුවාව සිය දෑසින් පෙන්වමිනි.

'' හහා.. ගැටලුවක් ? කුමක් පිළිබදවද ? '' අග්නි විමසුවේ දෙවුර හකුලා කිසිත් නොවැටහුණු වග අගවමිනි .

මිධුනාථ කෝපයෙන් රැවූ මුත් අන් කිසිවක් නොපැවසුවේ ය. ඔහු නිසැකවම විමසීමට ඇත්තේ කුමක්දැයි අග්නිට හොදින්ම වැටහුණි . දීඝ සිසුවා , අග්නිගේ අනන්‍යතාවය හදුනාගන්නට ඇති වග මිධුනාථට වැටහී යන්නට විය.  නමුත් , අග්නි සිය මුව ආවරණය කර සිටි නිසාවෙන් තමාගේ පෙනුම හා තමා සැබවින්ම කව්රුන් ලෙස පෙනී සිටින්නේ දැයි දීඝ ශිෂ්‍යයා නොදැනුවත් විය . අනෙක් කරුණ නම් , තමාගේ සැබෑ අනන්‍යතාවය මිධුනාථ ද නොදැනුවත් විය .

ඔවුන් වන පෙත පසු කල පසු අග්නි සිය මුව ආවරණය වී තිබූ රෙදි කඩ ඉවත් කලේ ය .

'' එය නොවෙයි මිධුනාථ...... ඔබ කෙලෙස ද ජඨිල මෙහි පැමිණෙන වග දැනුවත් වූයේ ? '' අග්නි එක්වරම විමසුවේ මිධුනාථ වෙත හැරෙමිනි.

'' නුඹ කෙලෙසකද දැනුවත් වූයේ ? '' මිධුනාථද පෙරළා කෝපයෙන් විමසුවේ අග්නිව නිරුත්තර කරමිනි.

අග්නි සැබවින්ම පැමිණියේ ජඨිල පිටුපසින් නම් නොවී ය. උදෑසන , භාසුර හා දීඝ අසපුවට ඇතුළු වූ අවස්ථාවෙහි කාල හා අනෙක් මුනි ශිෂ්‍යයාගේ කතා බහ අග්නිගේ සවන් වැකුණි . ඔහු හුදෙක් , වනය තුලට ඔවුන්ව ලුහු බැන්දේ  , මිධුනාථට නිලස්ථාන ප්‍රහාරය එල්ල කිරීම හා ව්‍යාජ ඔෟෂධ ලබාදීම පිළිබද මතක සිටින පාඩමක් ඉගැන්වීම සදහා පමණක් විය. ඔහු නොසිතූ පරිදි , සියලු සිදුවීම් තමා නොසිතන දිශාවකට යොමුව ඇතිවග දැන් අග්නිට සනාථ විය. ඔහු හැකි ඉක්මනින් භාසු හා ධීර හමුවී මේ පිළිබද සැල කල යුතු විය .

♛ අග්නි ♛Where stories live. Discover now