Chapter 5

1.8K 368 15
                                    

කොල්ල එහෙම්මම ෆෝන් එක පැත්තකට දාලා බෙඩ් එකෙන් නැගිට්ටා... කොල්ල කාර් එකේ කී එකත් අරන් යන්න ගිහින් යූනගෙ ෆෝන් එකත් ගත්තේ හදිස්සියක් උනොත් කියලා.. කොල්ල ඉක්මනට ලිෆ්ට් එකේ පහලට ගිහින් ඉක්මනට පාකින් එකෙන් කා එක අරන් සෝල් පාරෙ ගියා... කලින් දවසෙ කෙල්ල බියර් බිබී හිටපු බෙන්ච් එක හරියෙ බැලුවත් හොයාගන්න බැරි උනා... වෙලාවත් 2:45 විතර ඇති.. කොල්ල හැමතැනම හෙව්වට කෙල්ල හිටියෙ නැ... කොල්ලට කෙල්ල ගැන දුක හිතුනා කොල්ලට කොල්ල ගැනම වයිරයක් ආවා.. කොල්ල කාර් එකේ හැමතැනම හෙව්වා... අවසානෙ කොල්ලට දෙයක් මතක් වෙලා වගේ කොල්ල කාර් එක අරන් හැටට හැටේ රේස් කරල යන්න ගියේ නැට්ට පෑගිලා වගේ...

" ට්‍රීං ට්‍රීං "

ඒ අස්සෙ කොල්ලට කෝල් එකක් ආවා... කොල්ල ස්ක්‍රීන් එක බැලුවහම ඒකෙ වැටිල තිබ්බේ " Liya baby " කියලා... කොල්ල ඒකත් සයිලන් කරල පැත්තකට විසිකරලා... කාර් එක ආයෙත් වේගෙන් යන්න ගියා..

ඒ අතර යූනගෙ ෆෝන් එකට හෝ ගාල නොටිෆිකේශන් එනවා... කොල්ල ඒවා ස්ක්‍රීන් එක දිහා බැලුවා...

" යූනා කෙල්ලේ කොහෙද ඉන්නෙ කියන්නකෝ... අනේ උබට මොකෝ උනේ... "

" ආයෙ මොකක් හරි උනාද අනේ අහපන්කෝ අපි උබට ඉන්නවනේ..."

ෆෝන් එකට එක දිගට කෝල්ස් එනවා... කොල්ල අවසානේ කෝල් එකක් ආන්ස්වර් කලා..

ඒත් කොල්ල ඒකට උත්තර දුන්නෙ නෑ...

Juli :" හෙලෝ යූනා කතාකරපන්කෝ අනේ බන් ඔහොම ඉන්න එපා උබට කරදරයක්ද කියපන්... අනේ මැනික හරි උබ අහගන්න මුකුත් කියන්න එපා.. හිතට එන කිසිම දෙයක් කරන්න යන්න එපා.. හරිද කවෘ නැතත් උබට අපි ඉන්නවා අපි දෙන්නම... මැණිකේ අහපන් හිත සන්සුන් කරගනින් ප්ලීස් හිතට එන කිසිම දෙයක් කරන්න යන්න එපා.. ප්ලීස් ඒ මෝඩ වැඩේ කරන්න එපා ඉක්මනට ගෙදර වරෙන් නැත්තම් ප්ලීස් ඉන්න තැන කියපන්... උබව අපිට ඕනේ... "

Juli :"උබට ආයෙ ඒකි මොනාහරි කීවද අපි හේවෝන්ට ගහමු පෙරලගෙන ඉස්සර උබට බනිනකොට අපි තුන්දෙනා බනිනවානේ.. අපි හෙට එයාව අල්ලගමු මැනික... උබ පරිස්සමෙන් ඉක්මනට ගෙදර වරෙන් අපි උබ එනකම් ඉන්නවා... ප්ලීස් ඒක උනේ උබේ වැරැද්දෙන් නෙමෙයි... හරිද ඒක අත්වැරදීමක් කිසිම දෙයක් කරගන්න එපා... උබට කෝච් මොනාහරි කීවද... උබ කියනව වගේ ඒ මෝඩයටත් බනිමු..😅 ඊයෙ මෝඩය මෝඩය කියල බැන්නේ... හරි අලුත් ලෙක්චර් තරම් ඒ මෝඩය හොට් නෑ... උබගෙ මෝඩයා.. මැණිකේ ඉක්මනට එන්න බලන් ඉන්නවා.."

My coach || JJK || [ Completed ]Where stories live. Discover now