" අජුම්මා බය වෙන්න එපා මං වෙන රටකට යන් නෑනේ අනේ.....මං යන්නේ සෝල් වලටනේ.....😌 "
" ඒත් දරුවෝ මං කැමති නෑ ඔයා එහේ යනවාට.....ඒ ඇයි කියන්න ඔයා දන්නවානේ......ඔයාගේ ඔම්මායි අප්පායි නැති වුනා වගේ මට ඔයාවත් නැති කරගන්න බෑ......🥺 "
" අනේ අජුම්මා......ඔන්න ඉතින් අඬන්න ගත්තා.....මේ අහන්නකෝ මං හැමදාම ඔයාට කතා කරන්නම්......එතකොට ඔයාටත් පාලු නෑනේ 😌 අජුස්සී කෝ අජුම්මා ඊයේ ඉඳන් මං දැක්කේ නෑ.....😐 "
" එයා ඊයේ ඉඳන් ශොප් එකට වෙලා ඉන්නේ ඔයා යන නිසා.....😐 "
" අපොයි එහෙමද ඉන්නකෝ මං ගිහින් එයාවත් ශේප් කරගන්න.......ඔයාලා දැන් මේ මෙහෙම එපා කිව්වාට කොහොමද ඉතින් සෝල් කැම්පස් එකේ ලෙක්චස් කෙනෙක් වෙලා මං ආයේ මෙහේ එනකොට 😉 කාටද ඉතින් ආඩම්බර 😎 "
" මුලින්ම ඉගෙන ගෙන ඉන්නකෝ හීන මවන්නේ නැතුව.....මං හැමදාම කියනවා ඕනෑවට වඩා හීන මවන්න එපා කියලා.....🤨 "
" දේ දේ....😐 මං එහෙනම් අජුස්සී බලලා එන්නම්....මගේ හොඳ අජුම්මා වගේ කන්න දෙයක් හදලා තතියෙන්න අපි එනකොට 😁 "
විකාරයි වගේද 😅 ආහ් කියන්න බැරි වුනා මං අයුකී ආරෝහී.....වයස 22 .මට කියලා ඉන්නේ අජුම්මායි අජුස්සි විතරයි ඔම්මායි අප්පායි මං පොඩිකාලේදිම නැති වෙලා.....මට කිසිම මතකයක් නෑ මගේ ඔම්මායි අප්පායි ගැන...අඩු තරමේ මං ලඟ 4to එකක්වත් නෑ......අජුම්මා නම් කිව්වේ ඔම්මායි අප්පායි ඇක්සිඩන්ට් එකකින් නැති වුනා කියලා.....ඒත් දවසක් අජුස්සී කිව්වේ එයාලව කෙනෙක් මරුවා කියලා......ඒත් ඒ කවුද කියලා අජුස්සී මට කිව්වේ නෑ.....හරි වයසට ආවාම කියන්නම් කියලා විතරයි කිව්වේ 🙂 මගේ එකම බලාපොරොත්තුව වුනේ සෝල් යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න එක.....ස්කෝලේ ගොඩක් ලමයි සෝල් යුනිවර්සිටි ඇප්ලයි කරත් ඇප්ලිකේෂන් එන්නේ ටික දෙනෙක්ට විතරයි.....🙂 මං කැමති ලෙක්චර් කෙනෙක් වෙන්න.....ඒකට හොඳම තැන සෝල් යුනිවර්සිටි එක......අජුම්මා බයේ ඉන්නේ මං සෝල් ගිහින් මොකක්හරි නසරානී වැඩක් කරගනී කියලා.....ඒ තරමට මං හොඳ ලමයෙක්......😌 ස්කෝලේ යන දවස් වල ක්ලාස් එකේ ඉන්නවට වඩා වැඩියෙන් හිටියේ ක්ලාස් එකෙන් එලියේ 🙂 මගේ හැම නසරානී වැඩකට සපෝර්ට් කරන මම මවපු නසරානී යාළුවෙක් ඉන්නවා......ඒ අජුම්මාගේ පුතා ටේයොන්.....😌 අපි දෙන්නා එකතු වුනා කියන්නේ මුළු ගේම අනිත් පැත්ත හරවන්න පුළුවන්....
