හත්වන මායාව 🌗

478 159 31
                                    



හේසොක් දිගටම තමන්ගෙ හිත ඇතුලෙන් හොල්මන් කරපු හැඟීමත් එක්ක තනිවෙද්දි ඒ අත එයාගෙ ඉස්සරහින් වතුර වීදුරුවකුත් තිබ්බ.....

" ඔයා ඉල්ලපු වතුර එක......"

කොල්ල එක පාරටම ඔලුව උස්සල බලද්දි එයාගෙ ඉස්සරහින් හිටගෙන හිටියෙ වොන්වු.....

" තව මොනව හරි ඕනෙද?"
තමන්ගෙ දිහා කන්න වගේ බලන් ඉන්න කොල්ලගෙ ඇස් මඟ අරින්න එහෙම අහන ගමන් කෙල්ල හැරුනෙ ජිමින් දිහාවට.

වොන්වු අහක බලාගත්තට හේසොක් එක දිගටම බලන් හිටියෙ කෙල්ල දිහා............. නොදන්න හුරුපුරුදු හැගීමක් කොල්ලගෙ හිතේ ඇති වෙද්දි........ කොල්ලව ඇදුනෙ මීට අවුරුදු ගානක් අත්තීතෙට.......

................................................

ගින්නක් මුලු ප්‍රයිමරි එකම ගිලගෙන..... හිතාගන්න බැරි විදිහට කොහෙන්දෝ පටන් ගත්ත ගින්නක්  කුණාටුවක් වගේ හැමතැනම පැතිරුනේ අහු උන හැමදෙයක්ම අලු කරගෙන. පුන්චි පැටවුන්ව බේරගන්න ගුරුවරු ලොකු සටනක් කලා. එහා පැත්තෙ තිබ්බ ස්කෝලෙ ගුරුවරුයි ශිෂ්‍ය නායකයොයිත් පුන්චි පැටවුන්ව බේරගන්න උදව් කලා.

ජන්ග් හේසොක්..... කෙලින්ම ගියේ ගින්නෙන් වැහිලා තිබ්බ ගොඩනැගිල්ලක් ඇතුලට...... වට පිට බලපු කොල්ලට රස්නෙත් එක්ක කිසි දෙයක් පෙනුනෙ නෑ ඒත් පුන්චි ළමයි ටිකක් හයියෙන් අඬනව ඇහුන. හේසොක් එක අතක් නවල මූනත් වහගෙන ගිනි අරගෙන වැටෙන වහලෙ කෑලි වලිනුත් බේරි බේරි ළමයින්ව හොයන්න ගත්තා. ඒත් ඒක ලේසි දෙයක් උනේ නෑ........ කොහොම හරි විනාඩි හතක් විතර යනකොට කොල්ල දැක්කෙ මේසයක් යට එකට ගුලි වෙලා හයියෙන් අඬන ගෑණු ළමයි දෙන්නෙක්ව. ඒත් එතන ළඟට යන්න විදිහක් තිබ්බෙ නෑ. පොඩි උන් දෙන්නව වට කරගෙන මහ ගින්නක් ඇවිලෙනව. හේසොක්ට තේරුනා තව ටිකක් වෙලා හිටියොත් මේ ගින්නෙන්ම පුන්චි උන් දෙන්නත් අලු වෙලා යනව කියල. ඉතින් කොල්ල දෙපාරක් නොහිතා ගිනිගොඩ මැද්දෙන් ම එතනට පැන්න.

" අහන්නකො බබාලා..... මේ බලන්න කෝ..... කෝ එන්න......"
බයට ගුලි වෙලා හිටිය පොඩි උන් දෙන්න අඟලක් වත් හෙල්ලුනේ නෑ. ඒත් හේසොක් වැඩේ අතඇරියෙත් නෑ....

🌑  මායා 🌕(Completed) Where stories live. Discover now