තුන්වන මායාව 🌓

569 168 19
                                    

දවල් තිබුන ලෙක්චර්ස් ඉවර වෙලා වොන්වු හෙමිහිට රින්ගුවෙ යුනි එකේ තිබ්බ ඔර්කීඩ් මල් වවල තිබුන ගාර්ඩන් එකට.  සුසෙයො වල කිසි තැනක දකින්න නොලැබුණ පුදුම හිතෙන ඕර්කීඩ් එකතුවක් මෙතන තිබුන. එක එක පාට එක එක වර්ග..... සමහර ඕකීඩ් වර්ග කොරියාවෙ වෙන කොහෙන්වත් හොයාගන්න ලැබුනෙ නෑ. කිසි සාත්තුවක් නැතුව මෙහෙම මෙතන මේ විදිහට ඕකීඩ් මල් වැවෙන්න විශේෂ හේතුවක් තිබුනා. හේතුව කොහොම උනත් මෙච්චර විශේෂ මල් මෙතන නිකන්ම වැවෙනව කියලවත් කිසි කෙනෙක් දැනගෙන හිටියෙ නෑ. මොකද මෙතනට ලේසියෙන් කවුරුත් එන්නෙ නෑ. අවුරුදු ගානකට කලින් මේ ගාර්ඩන් එකේ ගහක යුනි එකේ කෙල්ලෙක් බෙල්ලෙ වැල දාගත්තා. එදා ඉදලා හැමෝම කියන්නෙ මෙතන ඒ කෙල්ලගෙ හොල්මන තියෙනව කියල..............

වොන්වු ඕකීඩ් මල් වලින් වට වෙලා තිබුන ලොකු ගහක් යටට ගියා. බෑග් එකත් බිමින් තියල ඒ බෑග් එකටම ඔලුව තියාගෙන කෙල්ල හෙමිහිට ඇස් පියාගත්ත. කෙල්ලට නින්ද යනවත් එක්කම වටේම තිබ්බ ඕකීඩ් ගස් වල මල් බලන් ඉද්දි පෝලිමට පිපෙන්න ගත්තා...........

.
.
.
.
.
.
.
.
.
.
.
.

හේසොක්  මේසෙට හේත්තුවෙලා පැයක් තිස්සෙ මේ එකදිගට බලාගෙන ඉන්නෙ බිත්තියෙ අලවල තියෙන පින්තූර ටික දිහා. ඊයෙ මාකට් එකෙන් හම්බුනු මිනියෙ පින්තූර වගේම පහු ගිය අමාවක දවසෙ හම්බුනු කෙල්ලගෙ මිනියෙ පින්තූරත් එතන තිබ්බ.

''මොකද අර ඔලුව ගිනි ගත්ත ඇහැටුල්ල පින්තූර ටික දිහා බලාන භාවනා කරනවද?''
කොල්ල දිහා ටිකක් වෙලා බලන් හිටපු සොන්ග් පරීක්ෂක ඇහුවෙ ජින්ගෙන්. මේ දවසට දෙකට මනුස්සයට හේසොකාව තිතටම එපා වෙලා ඉන්නෙ. මොකද ගොට්ට අල්ලන වැඩේ හරි ගියේනෑ ඒ වගේම කොල්ල මිනිහව සතපහකට ගනන් ගත්තෙත් නෑ. ජින්ට නන් මේ වැඩේ හොඳට තේරිලා තිබ්බෙ.

'' දන්නෙ නෑ සොන්ග් නිලධාරීතුමා.... එයා එක විදිහක් නෙ ඉතින්.'' 
කියල ජින් මිනිහව මගඇරිය. මොකද ජින් නන් හේසොක්ට කැමැත්තෙන් හිටියෙ. ඒකටත් හේතුවක් තිබ්බ. අවුරුදු දෙකකට කලින් ජින්ගෙ යාලුවෙක්ව හේසොකා බේර ගත්තා. ලොකු සල්ලිකාරයෙක් කරපු ඒ මිනීමැරුමට අහු උනේ කුරියර් සර්විස් එකක වැඩ කරපු අහිංසක කොල්ලෙක්. සල්ලි බලේට ඒ කොල්ලගෙ ඇගේම මිනීමැරුම ගහන්න ඒ සල්ලි කාරය ගොඩක් ට්‍රයි කලා. ඒත් හේසොක් ගෙන් බේරෙන්න ඒ මිනිහට බැරි උනා. කොල්ල ඒ මිනිහගෙ සල්ලි වලට බලේට ටිකක්වත් නැමුනෙ නෑ. කොහොම හරි අන්තිමට ඒ මීනීමැරුමට නියම මිනීමරුවම කොටුවෙද්දි ජින්ගෙ යාලුවව කොල්ල බේරගත්තා. ජින්ට ඒක හොඳට මතකයි. කොල්ල කොච්චර නපුරු උනත් හොඳ එකා කියල ජින් දැනගෙන හිටියා.

🌑  මායා 🌕(Completed) Where stories live. Discover now