Chapter 12

745 193 52
                                    

වොෂ්රූම් එකේ ටයිල් පොළවේ ගුලි වෙලා කොච්චර වෙලාවක් ඉදියද කියන්න මට තේරුමක් තිබුනේ නෑ.. වෙලාව කියන දේ අමතකම වෙලා ගිහින්...

වීදුරු කටුවලට කැපිලා ටිකක් යටින් වෙන්න තිබුන තුවාල යන්තමින් හොද වෙලා තිබුනා... ටයිලර්ව මතක් වෙන්න ඇගේ ඉතිරි වෙලා තිබුනේ ඒ තුවාල විතරයි.. තව ටික දවසිකින් ඒවාත් නැති වෙලාව යාවි. ඇගේ වෙව්ලීම අඩුවෙලා ගිහින් තිබුනේ ඒ සීතලට මම පුරුදු වෙලා නිසා.. හැමදෙයක්ම පැටලිලා තිබුනා..

ආයේම ඇස් දෙක අරින කොට මම ඉදියේ හොටෙල් රූම් එකේ ඇද උඩ මුනින් අතට.. තවමත් මගේ ඇගේ තිබුනේ මම බාත්රූම් එකට ගිහින් දොර වහගන්නකොට තිබුන කළු පාට ෂෝට විතරයි.. හූරගත්ත තුවාලවලින් එළියට ආපු පුංචි ලේ බිංදු ඒ වෙනකොට කැටිගැහිලා තිබුනා.. මෙතනට ආව විදිය මතක නැතත්, ඒක දැනගන්න උවමනාවකුත් මට තිබුනේ නෑ... මම හුස්ම ගන්නවාද , මගේ හදවත ගැහෙනවාද , ඒ කිසි දෙයක් මට අදාළ උනේ නෑ... හැමදේම හිස්... වතුර වීදුරුවක වතුර ටික බිමට හැලුවා වගේ... ඉදලා හිටලා නියපොතුවල විසට ඇදුම් කන තුවාලවල වේදනාවත් නිකන් හිස් හැගීමක්ම විතරක් වුනා...

ඒකත් නියමයි නැද්ද... මිනිස්සුන්ට හිතන්න දේවල් වැඩි වුනාම එයාලාට පිස්සු හැදෙනවා..
හහා්ාා... ටයිලර් එක්ක මැරේජ් එක නැවැත්තුවා.. මම නැති වුනා කියලා තව ඕන තරම් බිස්නස් කරන අය ඉන්නවා කොරියාවට..... මගේ කම්පැනි එක නැති උනාට තව ඕන තරම් කම්පැනි තියනවා... හාහ්හාහා... මගේ සමච්චල් සහගත හිනාව කාමරේ පුරා පැතිරිලා ගියා..
මෙහෙම හිනාවෙන කොට තමා මට දැනෙන්නේ මම ඇත්තටම මානසික ලෙඩෙක් කියලා.. මෙන්ටල් වෝඩ්වල මම දැකලා තියන තේරුමක් නැතුව හිනාවෙන පේෂන්ට්ලාගේ හිනාව අනුකරණය කරන්න මම උපරිම උත්සහ ගත්තා...ඒ මිනිස්සුන්ට හිනාවෙන්න හේතුවක් නැති වුනාම එහෙම හිනාවෙනවා කියලා තේරුම් ගන්න දැන් අමාරු නෑ,. මට දුක නෑ.. හිනායනවා.. තවත් හය්යෙන් ... ලෝකේටම පේන උස තැනක ඉදලා ඉදලා මට හිනාවෙන්න ඕන..

මේ වගේ විහිළුවලින් පිරුණු ජීවිතේකට හිනාවෙනවා ඇර මොනවද කරන්න පුළුවන්... හ්හාහහා.. හිනාවෙලාම ඇස් දෙකෙන් කදුළුත් එනවා.. තව හය්යෙන් හිනාවෙනවා ජෝඩ්න්.. එතකොට තමා තමුසේ ඇත්තටම පිස්සෙක් වගේ පේන්නේ...

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Where stories live. Discover now