Chapter 10

788 203 105
                                    

" මිස්ටර් බ්ලේස්ගේ ලෝයර්ගේ ලෙටර් එක ආව ද? "

මම ඇහුවේ මගේ ලෝයර් මිස්ටර් ස්මිත්ගෙන්.. ඉක්මනින්ම වන්දියක් ගෙවලා මේ දේවල් ඉවර කරලා දාන්න මට ඕන උනා.. හරියට සාක්ෂි නැති නිසා මාව ඇරෙස්ට් කරන්න බැ කියලත් , මේ තත්වය නිසා මාව නිදහස් වෙනවා කියලත් මම හොදටම දන්නවා..

සර්, මිස්ටර් බ්ලේස් කම්ප්ලෙන් කරලා නෑ,.

මොකක් ද ?
මම ආයේම ඇහුවේ මට ඇහුන දේ ඇත්ත ද කියලා බලාගන්න.. මෙච්චර තුවාල වෙලා හොස්පිටල් එකකට ආවම ඒ වගේ ලේසියෙන් බේරිලා යන්න අමාරුයි කියලා මම හොදටම දන්නවා..

කොහොමත් පොලිසියෙන් වැඩිපුරම මේකට ඇගිලි ගහන්නෙත් මගේ නැත්තන් නම්බර් වන් බිස්නස්මන් ජෝඩ්න් ස්ටෝම් නම ගෑවිලා තියන නිසා.. මට ලෝයර් කෙනෙක් ඉන්නවා කියලා හොදටම දැනගෙනත් ලෝයර්ස්ලා බර ගානක් මට කෝල් කරලා එයාලාගේ හෘදයාංගම කියලා කියාගන්න සේවය දෙන්න ලෑස්තියි... නිකන්ද නෑ ? පොකට් එක පිරෙන්න සල්ලිවලට මිසක්...

අනිත් පැත්තෙන්.. ටයිලර් බ්ලේස්.... ආර්කැන්ඩා කෝපරේෂන් එක අයිති බ්ලේස් ෆැමිලි එකේ දෙවෙනි පුතා.. ඒ වගේම රටේ අංක එකේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් ...

මීඩියාවලින් මේ සිද්ධීයට ලොකු තැනක් දීලා තිබුනා.. කොහොමත් මිනිස්සුන්ට අනුන්ගේ කුණුගොඩවල් අවුස්සන්නේ නැතුව ජීවත් වෙන්න බැරි අමුතු ලෙඩක් තියෙනවා... අපෝ නෑ ඒවා මේ මානසික ලෙඩ නෙමේ.. ඒවා අතිශය සාමාන්‍යයි.. වෙන කුණු ගොඩවල් අවුස්සන්නේ නැති අපි වගේ මිනිස්සුන්ට තමා ඒ වගේ ලෙඩ තියනවා කියලා ලේබල් කරන්නේ.. ඇයි ? අනිත් අයගේ දේවල් අපිට අදාළ නැති නිසා..

සර්, මිස්ටර් බ්ලේස් කියන විදියට මේක ඇක්සිඩන්ට් එකක් ..

මොකක් ??
මම ආයේම ඇහුවේ ටයිලර්ට පිස්සුද කියලා හිතන ගමන්..

ඔව් සර්.. ටයිලර් සර් කියන විදියට සර්ලා දෙන්නා සෙල්ලම් කර කර ඉන්නකොට බෝලයක් වැදිලා සර්ට බොන්න ගෙනාපු සුප් එක කුඩු වෙලා තියෙනවා.. පස්සේ බිම වැටිලා තිබුන සුප්වලට කකුල ලිස්සලා ගිහින් සර්ලා දෙන්නා බිම වැටිලා තමා තුවාල වෙලා තියෙන්නේ.. ඒ වැටෙනකොට ටයිලර් සර්ගේ ඔළුව කබඩ් එකේ වැදුනලු..

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Where stories live. Discover now