Chapter 11

725 185 108
                                    

අදුරු සීතල හෝටෙල් රූම් එක තව දුරටත් අදුරු තැනක් විදියට මට පෙනුනේ නැත්තේ මගේ ඇතුලාන්තයේ තිබුන අදුරු සීතල තැන දැනටමත් ගොඩක් හුරුපුරුදු නිසා..

සුදුපාට ඇතිරිලි එලලා තිබුන ඇද දිහා බලන්න මම කැමති වුනේ නෑ,. ඒ සුදු ඇතිරිලිවල ලේ පැල්ලම් මට පේන්න ගන්න එකටත් මම එච්චර කැමති උනේ නෑ,. මේ දේවල් නවත්තන්නේ කොහොමද දෙය්යනේ.. කිසිම දෙයක් මගේ පාලනයේ නෙමේ..
ඇදෙන් ඈත් උන මම ඇටෑච්ඩ් බාත්රූම් එකට ගිහින් දොර ලොක් කරගත්තේ ඒ ලේ පැල්ලම් මගේ පිටි පස්සෙන් එළවන එක නවත්තන්න.. මගේ අතේ තිබුන ලේ දොරේ හැන්ඩල් එකෙත් ගෑවිලා තිබුනා.. සින්ක් එක උපරිම වේගෙන් ඇරපු මම අත් දෙක සේදුවේ ගලවලා දාන්න තරම් වේගෙන්.. මගේ මුළු ඇගම වෙව්ලනවා මට දැනෙනවා..

මගේ අත් දෙකින් ලේ අයින් වෙන්නෙම නෑ,. ඒ ලේවල සුවද මගේ ඇග දිගේ ලොකු හිරු වැටීමක් ගෙනිච්චා.. මේ දේවල් මගේ තේරුමක් ඇතුව වුනත් මට කිසිම දෙයක් කරගන්න බෑ... මොහොතකට අත් දෙක පිස්සුවෙන් වගේ හෝදන එක නවත්තපු මම කණ්ණාඩිය දිහා බැලුවේ කලබලෙන්... කළු පාට බය පිරුන බෝල ඇස් දෙකක් මගේ දිහා බලාගෙන ඉදියා.. ඒ ඇස් දෙක මට ආයෙම මතක් කලේ බියුටි ඇන්ඩ්ද බීස්ට් පොත තුරුළු කරගෙන ඉදපු පුංචි ජෝඩ්ගේ ඇස් දෙක... ඒවල බය , අසරණකම, නොතේරුම්කම හැමදෙයක්ම එකට එකතු කරලා හිර කරලා දාලා තිබුනා..

ඒ ඇස්වලින් දිගටම වතුර බේරෙනවා වගේ බේරුන කදුළු ඔහේ සුදුමැලි කම්මුල් දිගේ ගලාගෙන ගියා.. ඒත්... ඒ කදුළු තවදුරටත් පාරදෘශ්‍ය වුනේ නෑ.. රතුපාටින් ඇස්වලින් ගලන ලේ කදුළු මාව වෙව්ලුවා.. ලේ බිංදුවෙන් බිංදුව ඇස්වලින් පහලට වැටෙන්න ගත්තේ මම තදින් ඇස් දෙක පියාගනිද්දී,.. ඇස් දෙක තදින් පියාගෙනම අදුරේම අතපත ගාලා බාත් ටබ් එක හොයාගත්ත මම මගේ මූණම බාත් ටබ් එක ඇතුළට එබුවේ හැම ලේ බිංදුවක්ම ඒකේ හේදිලා යන්න.. ඒත්.. බාත් ටබ් එකේ වතුර ගොඩ තාමත් අවර්ණයි..

මම ආයේම මගේ ඔළුව වතුර යටට එබුවේ වියරුවෙන්.. වතුරින් මගේ හුස්ම නවත්තගත්තේ මට තවදුරටත් අවට වාතය එක්ක තිබුන සම්බන්ධතාව තවදුරටත් නැති කරලා දාමින්.. ඒ හුස්ම නැවතුන වේදනාවන් මගේ පෙනහළු පසාරු කරගෙන යනවා මට හොදින්ම දැනුනත් කිසිම දෙයක් කරගන්න බැරි තරම් මම අසරණ වෙලා තිබුනා. මට ඕන වුනේ මේ ලේ ටික හෝදලා අරින්න විතරයි.. ටබ් එකේ වතුර මගේ අත්වලින් කැලතෙනවා මට දැනුනා... හුස්ම හිරවුන නිසා මගේ මුළු ඇගම මේ වතුරෙන් බේරෙන්න දැගලුවත් මගේ හිත විධානයක් නැතුව ඔහේ බලාගෙන ඉදියේ මේ වේදනාව නැති වෙලා හැමදේම සන්සුන් වෙනකම්.. ඒතනින් පස්සේ ඒ හැම වේදනාවක්ම සදහටම නැති වෙලා යාවි...

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Tempat cerita menjadi hidup. Temukan sekarang