Chapter 1

2.7K 321 216
                                    

ග්‍රීස්ම කාලේ නිසාමදෝ දූවිලි අවුස්සගෙන ගියපු කාර්, වෑන්වල ඝෝෂාව හැමතැනකම ඇති කලේ නොසන්සුන් ස්වභාවයක්.. දූවිලි වලාවන් එක්ක එකතු වුන වාහන දුම් ඇස්වල වැදිලා දැවිල්ලක් ඇති කලේ නගරේ ස්වභාවය තවත් එපා කරමින්..
කොච්චර ලොකු තැනක ඉදියා උනත් මේ ලොකු නගරේ හෙලවෙන වාහන අතර මම නිකන් පොඩි කූඹියෙක් වගේ...
මම ගැන කියනවා නම් අනිත් අයගේ ඇසින් මම ජෝඩ්න් ස්ටෝම්...
සාමන්‍ය කොල්ලෙක් කියන වචනේ මට දාන්න විදයක් නෑ මම හිතන්නේ..
මාලිමාවක් නැතුව , නාවිකයෙක් නැතුව මුහුද මැද හිරවෙලා තියෙන නැවක් වගේ මම ඉදියේ මගේම ජීවිතේ හිරකාරයෙක් වෙලා..බේරිලා යන්න කොච්චර දැගලුවත් බේරිලා යන්න අමාරු උගුලක පැටලිලා මම..
දගලන්න දගලන්න වෙන්නේ මම තව තවත් ඒ උගුලේ පැටලෙන එක කියලා තේරුන දවසේ මම නිහඩ උනා... තාමත් ඒ යදම්වලට හැමතැනම වේදනාවෙන් කිලිපොලා ගියත් , නිශ්ශබ්දව ඉන්න මට සිද්ධවෙලා...

ජීවිතේ නැති කරගන්නවත් මේ ජීවිතේ ගැන තීරණයක් ගන්න මට අයිතියක් තිබුනේ නෑ.. තමන් හදපු කූඩුවක තමන්ම හිරකාරයෙක් වෙලා යතුරත් අතේ තියාගෙන ඒත් යතුර කරකවන්න ඕනේ මොන පැත්තට ද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට දැනෙන හැගීම ? ඒ හැගීම අසරණබව ද ? නැත්තන් තමන් ගැනම අනුකම්පාවද ? නැත්තන් ලේ නහර ඔක්කොම රත් කරගෙන එන තරහා ද ? එහෙමත් නැත්තන් මේ ඔක්කොම එකතු වුන තාමත් නිර්වචනයක් නැති හැගීමක්ද ? නිර්වචන නැති හැගිම් නම් කොච්චරක් කියලා මේ ලෝකේ ඇති ද ?

මම , මම ගැන මේ විදියට දැක්කට , පිටතින් ඉදන් බලන කෙනෙක් මම ගැන දැක්කෙ සම්පූර්ණ නිදහස් කෙනෙක් විදියට... ඇති වෙන්න හැමදේම තිබුන... කිසිදු අඩුවක් පාඩුවක් නැති ජීවිතයක්..

කාගේ ජීවිතේද අඩුපාඩු නැත්තේ ? කාගේ ජීවිතේ ද සම්පූර්ණ ? එයාලා හැමදාමත් කරන්නේ පිටින් බලලා කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණයි කියලා තීරණය කරන එක... ඇස් , ඉස් , මස් , ලේ නහර තිබුනා කියලා.... එයා මනුස්සෙයක්ද ? රාක්ෂයෙක්ද මේවා නැද්ද ?
හැමදෙයක්ම පුහු බොළද තර්ක...
ලෝකේ ගොඩනගලාම තියෙන්නෙත් පුහු බොළද තර්ක එක්ක..

අතේ තිබුන තෙත්ගතිය එන්න එන්නම වැඩි උනා... අයිස්ඩ් ඇමරිකානෝ එකේ සීතල පේපර් කප් එක හරහා එලියට ඇවිත්.. දැන් ඇතුලේ තියන අයිස්ඩ් ඇමරිකානෝ එකත් පිටත රස්නෙම වෙලා ඇති.. හරි පුදුමයි නේද ? කොච්චර සීතල විදියට ඉදියත් වටේ තියන උෂණත්වෙට අනුවර්තනය වෙන්න ඒකට සිද්ද වෙනවා.. හරියක සමාජේ ජීවත් වෙන මනුස්සයෙක් සමාජෙට අනුවර්තනය වෙනවා වගේ....

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Unde poveștirile trăiesc. Descoperă acum