Chapter 3

1.1K 253 85
                                    

ම්ම් වාඩිවෙන්න... එලිමහන් බැල්කනි එක උඩ විශේෂයෙන් හදලා තිබුන ටේබල් එකට අත දික් කරන ගමන් මම කිව්වේ ගොඩක් සන්සුන් වගේම ආචාරශීලි විදියට..

තැන්ක්යූ,. එහෙම කියපු ටයිලර් පුටුවත් අැදගෙනම වාඩි උනේ මුකුත් කියන්නේ නැතුව..

ආයිෂ්.. දැන්නේ මතක් වුනේ හරිනම් මම එයාට පුටුව ඇදලා වාඩි වෙන්න උදව් කරන්න ඕන නේද ? කමක් නෑ මොකද එයා විශේෂ කෙනෙක්ද ? නෑනි.. කෑවා.. කෑවාට පස්සේ එයාට පැහැදිලි කරලා දෙනවා ....

තමුන්ට බෑ එහෙම කරන්න..
මෘගයා මිමිණුවේ මගේ දණිස් හිරි වට්ටන අතරේ..

බලන්න එයාගේ ඇස්.. තමුන්ට ඕන කරන තරම් නිදහස තියෙනවා ඒ ඇස්වල... බලන්න එයාගේ සැහැල්ලුව... තමුන් ඒකට පොඩි බරක් දුන්නා කියලා මුකුත් වෙන්නේ නෑ,...

නෑ... නෑ,.. මම වෙනදා වගේම අමාරුවෙන් උණත් මෘගයා එක්ක සටන් කරන්න ගත්තේ මගේ අදුරු ලෝකේ අතරමං වෙන අතරේ..

වාඩිවෙන්නේ නැද්ද ජෝඩ්න්  ?? මම එහෙම කතා කළාට කමක් නැහැ නේද ?
මගේ අතරමං වෙලා ඉදපු ලෝකෙන් මොහොතකට මාව නිදහස් කරලා වෙනම ලෝකයකට අරගෙන යන්න ඒ කටහඩට පුළුවන් උනා..

ඒක එයාට කොහේත්ම ගැළපෙන්නේ නෑ කියලා හිතෙන්නේ දැන්... ආයේම මගේ පුරුදු වෙස් මුහුණෙන් මුහුණ පුරවගත්ත මම පුටුව පස්සට ඇදලා වාඩි වුනේ සන්සුන් විදියට...

ග්‍රීස්ම කාලේ උනත් රාත්‍රිය සීතලයි.. ඒ වගේම තරමක සීතල සුළගක් එළිමහනේ තිබුනා..
ඒත් එක්කම නගරේ වාහනදුම් වලින් එකතු වුන මීදුමත් ඒ සුළගටම එකතු වෙලා තිබුනා..

ඒ හැමදේකටම වඩා එතන තිබුන නිශ්ශබ්දතාවය...
ගොඩක්ම නිශ්ශබ්ද ජීවිතකයක් ගෙවපු මට මේ නිශ්ශබ්දතාව අමුතු විදියට දැනෙන්නේ ඇයි ?

එයාගේ ඇස් දෙක ගියේ ගෙදර හැදුවා වගේ පේන්න මම ඕඩර් කරලා තිබුන ප්ලේට්ස් දිහා...

ඔයා ද හැදුවේ ? එයා ඇහුවේ පුදුමෙන්...

දැන් මම ඔව් කියන්න ද නෑ කියන්නද කියලා හිතාගන්න කලින් මමමද කියලා දන්නැති මම ඔළුව වැනුවේ ඔව් කියලා කියන්න...
මම හිතුවේ එහෙම කිව්වම එයා සතුටුවෙයි කියලා කියලා..

❌ ALL OF MY LIFE ❌ [ Completed ]Tempat cerita menjadi hidup. Temukan sekarang