වාහනෙන් ඉඳගෙන මට විතරක් ඇහෙන්න අබොජිත් එක්ක කතා කර කරා ඉන්නකොට මට හනාගෙන් කෝල් එකක් ආවා...

" යොබොසොයෝ මැණික "

" යොබොසොයෝ JK....ඔයා පිටත් වෙන්නද හදන්නේ...? "

" දේ.....මම ගිහින් ඇවිත් ඔයාට විස්තරේ කියන්නම්..."

" අරස්සෝ...චුසිම්හේ JK..."

හනා එක්ක කතා කරලා කෝල් එක කට් කලාට පස්සේ මම කාර් එක අරගෙන කම්පැනි එකට එන්න පිටත් උනා....පැය භාගෙකට විතර පස්සේ මම කම්පැනි එකට ආවා.මීට අවුරුදු දෙකකට කලින් ආවට පස්සේ මේ තමයි මම කම්පැනි එකට ආව මුල්ම දවස...මම ඇතුලට යනකොට රිසිප්ශන් එකේ ඉන්න ජෙනී එදා වගෙම සුහදව හිනාවෙලා කතා කලා..

" මිස්ටර් ජන්ගුක්...."

" ජෙනී....හැමෝටම දැනුම් දෙන්න මම ආවා කියලා.."

මම එහෙම කියලා ඔෆිස් එක ඇතුලට යනකොට හැමෝම මාව දැකලා ඉඳගෙන ඉදපු පුටු වලින් නැගිට්ටා...අබොජිගේ මොලෙන් මේ හැමදේම කලත් අබොජි හැමදාම කිව්වේ මේ හැමදේම කම්පැනි එකේ වැඩ කරන අයගේ මහන්සිය නිසා වුන දේවල් කියලා...ඒ නිසා අබොජි හැමදාම එයාලට ස්තූති කලා...

" අනී....අනී...නැගිටින්න එපා...ඔයාලා වැඩ කරගෙන යන්න....හැමෝම 10 වෙනකොට මීට්න් එකට එන්න..."

මම ස්ටාෆ් එකට කතා කරනකොට එතනට දුවගෙන ආවේ මිස්ටර් මින්...

" වෙල්කම් මිස්ටර් ජන්ගුක්..."

" මිස්ටර් මින්....හැමදේම රෙඩි නේද...? "

" දේ...හරියටම දහයට මීටින් එක පටන් ගන්න පුලුවන් මිස්ටර් ජන්ගුක් "

" ගුඩ්...."

මම එහෙම කියලා ගියේ අබොජිගේ කැබින් එකට...හැමදේම පිළිවෙළට අහුරලා තිබුන අබොජිගේ කැබින් එකේ මේසේ උඩ මගේයි අබොජිගෙයි ෆොටෝ එකක් තිබුනා...ඒ හැමදේම අවුරුදු ගාණකට කලින් තිබුන විදිහමයි....වෙනස් වෙලා තිබුන එකම දේ ඒ කැබින් එක  අයිති අබොජි දැන් මේ ලෝකේ නැති එක විතරයි....

අබොජි මට උදව් කරන්න...මම දන්නෑ මම මේ ගන්න හදන තීරනේ හරිද වැරදිද කියලා...ඒත් මට විස්වාසයක් තියෙනව මේක කරන්න තියෙන එකම විදිහ තමයි ඒ කියලා..මට උදව් කරන්න අබොජි...

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now