" JK ගෙදර ගියා නේද...? ප්‍රශ්ණයක් නෑනේ..? "

" අනී....ඒත් දෙයක් උනා..."

මගේ මැසේජ් එක ඩිලිවර් වෙනවත් එක්කම ජිමින්ගෙන් කෝල් එකක් ආවා...

" ජිමිනා..."

" JK...? මොකක්ද උනේ..කරදරයක් නෑනේ..? "

" අ...අනී...අනී...කලබල වෙන්න දෙයක් නෙමෙයි..."

" එහෙනම්...? හරියට කියනවකො...බය කරන්නැතුව.."

" මේ.....මේකයි...හනා...."

" හනා...? ඉතිම්...? "

" මේ.....හනා යි මායි "

" ඕ...ඕ....ඕ.......ඔය කියන්න හදන්නේ හනායි ඔයයි කිස් කලා කියලා එහෙම නෙමෙයිනේ...? "

මොකක්...මේකට මොනවට මොලේ නැති උනත් ඒවටනම් හොඳට මොලේ තියෙනවා....හිතින් හිතන ගමන් තවත් ඇද ඇදා ඉන්නැතුව මම ඇත්තම කියලා දැම්මා...

" දේ....ඒක තමා කියන්න ගියේ..."

" මොකක්...? ඕඕඕඕඕ.....JK...."

" යා......හ් ජිමිනා....මම තියනවා...."

" අරස්සෝ අරස්සෝ.....මම දන්නවා විහිලුවෙන් ඉදියට ඔයාගේ ඔළුවේ ලොකු බරක් තියෙනවා කියලා....JK ඔයාට වෙන්න ඕනි දේවල් ඒ විදිහටම වෙනවා..දැන් හැරෙන්න බෑ...හැම දේ ගැනම කල්පනාවෙන් වැඩ කරන්න...මම හැමදාම කියනවා වගේ....ඔයාට ඕනිම වෙලාවක මම ඉන්නවා...."

" දේ....මම දන්නවා ජිමිනා ඒක...කුමාවෝ "

ජිමින් එක්ක කතා කරලා කෝල් එක කට් කළාට පස්සේ මම කල්පනා කලේ ජිමින් කීව දේ ගැන...එයා කිව්වා වගේම වෙන්න ඕනි දේවල් හැමදේම ඒ විදිහටම වෙනවා...ප්ලෑන් එකක් එක්ක කරන්න ඉදපු දේවල් පවා මම හිතුවට වඩා හොඳට උනා...ඒ කියන්නේ මේක වෙන්න ඕනි දෙයක්ද....ඒ හැමදේමත් එක්ක අද වුන දේවල් එකින් එක මතක් කරනකොට මට එක පැත්තකින් ලොකු සතුටක් වගේම අනිත් පැත්තෙන් ලොකූ දුකක් වේදනාවක් දැනුණා..හිතේ තියෙන වේදනාව කිසිම කෙනෙක් එක්ක කීවට වැඩක් නැති නිසා මම ඒ හැමදේම ඩයරි එක ඇතුලේ හිර කරන්න තීරනෙ කලා..

මේස ලාච්චුව ඇරලා ඒකෙ තිබුන ඩයරි එකයි පෑනයි අතට අරගෙන හනාව දැකපු දවසේ ඉදන් මගේ හිතේ හිර වෙලා තිබුන හැම හැඟීමක්ම මම ඩයිරි එකේ ලිව්වා...කවදාම හරි දවසක මේක දැක්කම අඩුම තරමේ හනා මට වෛර නොකර ඉදී කියලා ලොකු විස්වාසෙකින් මම හැම හැඟීමක්ම ඒකේ ලිව්වා...ඒ වගේම ඉස්සරහට වෙන්න යන දේවල් වලදී මට එලියට දෙන්න බැරි හනාට පෙන්නන්න බැරි වේදනාව මේ විදිහට ලියනවා කියලා හිතාගෙන මම ආයෙමත් ඩයරි එක මේස ලාච්චුවටම දාලා කාටවත් නොපෙනෙන්න ඊට උඩින් තව පොත් දෙක තුනක් තියලා කවර් කලා...

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now