හනා හොස්පිට්ල් එකට යන තැනම ඉදපු නර්ස්ගෙන් ඇහුවේ කෑ ගහලා අඬන ගමන්..

" මිස්...කලබල වෙන්න එපා...එයාව දැන් ඔපරේශන් එකකට ගත්තා , එයාගේ තත්වෙ ටිකක් බරපතලයි..ඒත් බලාපොරොත්තු නැති කරගන්න එපා..ඩොක්ටර්ස්ලා උපරිම උත්සාහ කරනවා එයාව බේරගන්න "

ඒ වචන ටික ඇහුනට පස්සෙ මට දැනුනේ මගේ ඇඟේ විදුලියක් කොටනව වගේ...හනාත් කිසිම දෙයක් හිතාගන්න බෑ වගේ හිස් හැඟීමකින් එතනම බිම ඉදගත්තා...

" හනා...නැගිටින්න...අපි යමු ඔමොනිව බලන්න..."

මම ලඟට ගිහින් හනාව නැගිට්ටවලා එයාව මගේ ඇඟට වාරු කරගෙන ඔපරේශන් තියටර් එක ලඟට එක්කගෙන ගියා..කිසිම හැඟීමක් නැතුව මගේ ඇඟට වාරු වෙලා ආපු හනා එකපාරටම මාව බදාගෙන අඬන්න පටන් ගත්තා..

" J....K මගේ ඔමොනි....එ..එයාට "

මම මොකක්ද කරන්න ඕනි...හනාව ලඟට ගන්නද... ? මම එයාව සනසවන්නද...? මේක මට හොද අවස්ථාවක් උනත් මට දැනුනේ මේ වෙලාවේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තොත් ඒක ලොකු අපරාධයක් වගේ..ඒත් මගේ පපුවට තුරුල් වෙලා අඬන හනාව දැක්කම මට මේ වෙලාවේ පලිගන්න චේතනාවක් ඇති උනේ නෑ..මට ඕනි උනේ එයාව සනසවන්නම විතරයි..ඒ නිසා මම හනාව තදින් බදාගෙන මගේ පපුවට තුරුල් කරගත්තා..

" අ...අනී....කිසිම දෙයක් වෙන්නෑ...ඔමොනිට ඉක්මනටම හොද වෙනවා..."

" J....JK...මගේ ළඟින් ඉන්නවද...? මේ වෙලාවේ විතරක්...? "

එකපාරටම හනා ඉල්ලපු දේ නිසා මම මොහොතකට ගල් උනේ මම කරන්න ඕනි මොකක්ද කියලා හිතාගන්න බැරුව...ඇත්තටම මම මොකක්ද කරන්න ඕනි...? මිආ මැණික...? මම මොකක්ද කරන්න ඕනි...? ඔයා හොදින් නේද..? මා එක්ක තරහ නෑ නේද ? අනී...මගේ මිආ කාට කරදරයක් උනත් අහක බලන්නෑ...ඉතින් ඔයා තරහ වෙන්නේ කොහොමද නේද..?..මම මටම හිතින් කියාගන්න ගමන් හනා ළඟ ඉන්න හිත හදාගත්තා..

" අ....අරස්සෝ....මම ඉන්නම්...දැන් අඬන්න එපා...ඔමොනිට ඉක්මනටම හොද වෙනවා..."

" මට බයයි...මගේ ඔමොනි කාටවත් වරදක් කරන්නෑ...මට බයයි..."

හනා ආයෙමත් කෑ ගහලා අඬන්න පටන් ගත්තා..එතකොටම ඔපරේශන් එක ඉවර කරලා ඩොක්ටර් තියටර් එකෙන් එලියට ආවා..

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now