" ඕනි කෙනෙක්ගේ දේකට අත තියන්න.මගේ දේවල් වලට අත තියලා මීට පස්සේ අහුවෙන්න එපා..."

මම එහෙම කියනකොට හනා ඇස් වල කඳුළු පුරවගෙන මගේ දිහා බැලුවා..

" අරස්සෝ....මියන්හේ..."

හනා කෙටියෙන් උත්තර දීලා එතනින් දුවගෙන එලියට ගියා...

" JK මොකක්ද උනේ...? ඇයි අර හනා අඬන්නේ...?"

ඒ එක්කම වගේ කැන්ටින් එක්ට ආපු ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන මගෙන් ඇහුවේ ශොක් වෙලා වගේ..

" මම එනකොට මගේ ෆෝන් එක අරගෙන ඉඳියා..හැම දේම තියෙන්නෙ මේකෙ නිසා මට කේන්ති ගියා..මම කෑ ගැහුවා...
ආ.....යිශ්..."

මම ළඟ තිබුන පුටුව වීසි වෙලා යන්න පයින් පාරක් ගැහුවේ නිකරුණේ හනාට බැනපු නිසා මා එක්කම තියෙන කේන්තියට...

" යා....හ් JK  දැන් යන්..."

එහෙම කියලා ජිමින් මාවත් ඇදගෙන කැන්ටින් එකෙන් එලියට ආවා...කැන්ටින් එකෙන් එලියට ආව ගමන් මම  බැලුවේ හනා පේන්න ඉන්නවද කියලා..
ඒත් හනා ඒ අවට පේන්න ඉදියෙ නෑ...

" JK මොනවද හොයන්නේ...? "

" අ...අනී....මම වරදක් කළාද කියලා හිතෙනවා ජිමින්..."

" වේ....? "

" මම හැමෝම ඉස්සරහා හනාට බැන්නේ...."

" දැන් බැනල ඉවරනේ...දැන් ඕක අමතක කරන්න...එයා ඇති යාලුවො එක්ක.."

ජිමින් එහෙම කියනවත් එක්කම හනා එක්ක ඉදපු ළමයි ටික අපිව පාස් කරගෙන අපි ළඟින් ගියා..ඒ හැමෝම මාව දැකලා බයෙන් වගෙ ඔලු නමාගත්තා..

" අර මොකද JK..? යකෙක් දැකලා වගේ කඩාගෙන බිඳගෙන යන්නේ ? "

" එයාලා එක්ක තමයි හනා ඉදියේ...මම හනාට කෑ ගහපු විදිහට එයාලා බය වෙන්න ඇති..."

" ආයිගෝ......අරස්සෝ අරස්සෝ දැන් ඕක අමතක කරන්න...."

ජිමින් එහෙම කීවත් මට මම කරපු දේ ගැන දුක හිතුනා...ඒත් ඒක පස්සේ පන්නනවට වඩා මට කරන්න තියෙන නිසා මම ජිමින් එක්ක ග්‍රවුන්ඩ් එකට ආවේ කෝච් සර්ගෙන් ආයෙම පනිශ්මන්ට් එකක් කන්න ඕනි නැති නිසා...

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now