" අරස්සෝ JK......"

මුලු රෑම අපි කලේ මිආ ගැන කතා කරපු එක...මිආ ළඟ ඉන්නව වගේ සැනසීමක් මට හැමදාම ඕනි උනත් ඒක මිආගෙන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ගෙන් මට ලැබුනෙ නෑ.මම ඒක හොයන්න ගියෙත් නෑ....

පසුවදා
-------

උදේම ටේයුන්ට කෝල් එකක් ගත්තේ ඩොක්ටර් දීපු පළවෙනි ඇඩ්‍රස් එකේ ගෙදර ගැන පොඩ්ඩක් හොයන්න කියන්න...

" යොබොසොයෝ මිස්ටර් JK "

" යොබොසොයෝ ටේයුන්...මම ඇඩ්‍රස් එකක් එවනවා..විස්තර ටිකක් ඕනි..හැබැයි ඒ ගැන හොයනවා කියලා කාටවත් සැක හිතෙන්න බෑ....උන් එච්චර ලේසි පහසු උනුත් නෙමෙයි...මේක මිආගේ මරණෙට සම්බන්ධයි..ඒ නිසා පරිස්සම් වෙන්න..."

" අරස්සෝ මිස්ටර් JK "

වෙන්න ඕනි හැමදේම නම් ගම් එක්ක මම ටේයුන්ට විස්තර කලා..කෝල් එක කට් කරලා ඩොක්ටර් දීපු ඇඩ්‍රස් එක ටේයුන්ට මැසේජ් කරලා මම කැම්පස් එකට යන්න හිතාගෙන පහලට එනකොටම දැක්කේ සෝෆා එකේ ඉන්න අබොජිව....මාව දැකලා වෙනදට වඩා සුහදව හිනාවෙලා අබොජි කතා කලා..

" චුහ්නාචිම් පුතා."

" චුහ්නාචිම් අබොජි...දැන් අමාරුවක් නෑනේ....? "

" අනී....දැන් හොඳයි පුතා..."

" අරස්සෝ....වෙලාවට බෙහෙත් ගන්න අබොජි....මම ගිහින් එන්නම්.."

අබොජි  ගැන හිතේ සැකයක් තිබුණත් කිසි දෙයක් නොවුන ගානට හිනා වෙලා කතා කලේ අබොජි ඉන්නේ අසනීපෙන් නිසා...අබොජි එක්ක කතා කරලා බයික් එක අරගෙන මම කෙලින්ම කැම්පස් එකට ආවා...

ලෙක්චර්ස් ඉවර වෙනවත් එක්කම මට ටේයුන්ගෙන් කෝල් එකක් ආවා...

" යොබොසොයෝ ටේයුන් "

" යොබොසොයෝ මිස්ටර් JK.. මම අර ඇඩ්‍රස් එකේ ඉන්න අය ගැන හෙව්වා...."

" ඕ...හ් චින්චා....මොන හරි විශේශ දෙයක් දැනගත්තද...? "

මම කලබලෙන් අහනකොට ජිමිනුත් උනන්දුවෙන් අහගෙන ඉදියා....

" දේ....ඔයා හොයන කෙනා...එයා එන්නේ ඔයාලගෙම කැම්පස් එකට..බූසාන් වල කැම්පස් එකක ඉදන් සුහද මාරුවකින් තමයි මේකට ඇවිත් තියෙන්නෙ..."

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now