දෙවනි මායාව🌒

En başından başla
                                    

''උදේ පාන්දරම පටන් ගත්තද? මම නැත්තන් කට්ටියටම අද උදේ බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ.''
ඒ කටහඬට තුන්දෙනාම බිම බලාගත්තා.......

'' හල්මොනි...... මම නෙමෙයි මෙයා තමයි....''
සේ ඕ කෙලින්ම ඇඟිල්ල හේසොට දික් කලා.....

'' ආනියෝ..... මෙයාතමයි කැපිච්ච පණුවෙක් වගේ නටන්න පටන් ගත්තේ'' හේසෝත් ඇගිල්ල සේඕ ගෙ පැත්තට දික් කලා. හේසො කියන්නෙ සේ ඕ ට බාල කෙනා. මෙයා ප්‍රොග්‍රැම් ඩිරෙක්ට කෙනෙක්.. ටිවි චැනල් එකක. ලස්සනට අදින්න ගොඩක් කැමතී. මාල මුදු කරාබු මෙයාගෙ කාමරෙන් රටටම ඇති වෙන්න හොයාගන්න පුලුවන්.

'' අයිගෝ............. මේ වගේ ලමයි ටිකක් එක්ක මම මොනා කරන්නද මන්දා?''
ඔලුවත් අල්ලගෙන හිටපු ආච්චිඅම්මව ජූ හි මේසෙ පුටුවකින් වාඩි කලා. මේ කෙල්ලො ටික අම්මයි තාත්තයි නැති උන දවසෙ ඉඳලා බලාගත්තෙ මෙයා.

ඔය අතරෙ උඩ පැන පැන පඩිපෙළ දිගේ බෑග් එකකුයි පොත් ටිකකුයි තුරුල් කරගෙන දුවගෙන ආවෙ වොන් වූ......මේ පව්ලෙ බඩපිස්සි.. තාමත් යුනිවර්සිටි යනව. මෙයානන් හුරතල් හැබැයි හිතුවක්කරයි. දැක්කහම අමතක කරන්න බැරි අමුතු ලස්සනක් මෙයාට තියෙනව. දකින දකින කොල්ල මෙයාගෙ පස්සෙන් එනව.

'' නා කන්දා ( මම යනව )''
කෑ ගහගෙනම කෙල්ල එක පිම්මට දොර ලඟට දුවගෙන ගියා. ඒත් ලන් වෙන්න අඩි දෙකක් තියල දොර දඩස් ගාලා වැහුන. පිටි පස්සෙන් ආපු පිහියක් කෙලින්ම කෙල්ලගෙ පිටේ ඇනෙන්න ගත්තා. අඩිය දෙක ඉස්සරහට යව යවම පිහියත් පස්සෙන්ම එන්න ගත්තා.පිහිය  වොන් වු ව අරගෙන ගියේ කෑම මේසෙ ගාවට.

'' චේබල් උන්නි මට පරක්කු වෙලා තියෙන්නෙ...'' වොන් වු කෙඳිරි ගාන්න පටන් ගත්තෙ අත් දෙකත් එකට අතුල්ල අතුල්ල.

'' මට ඒව වැඩක් නෑ . යන තැනක කෑම කාල යන්න.'' වොන් වු කොච්චර හුරතල් මූණක් දාගෙන කෙඳිරි ගෑවත් වැඩක් උනේ නෑ. ජුහි කෙල්ලට කෑම නොකා යන්න දුන්නෙ නෑ.......

*******
මේ ලෝකෙ හැංඟුන හිතාගන්න බැරි රහස් ගොඩක් තියෙනව. මේ ගෙදරත් අන්න ඒවගේ රහස් ගොඩක් හැංඟිලා තියෙනව. වෙලාවකට අඳුරෙ වෙලාවකට ආලෝකයේ ඉඳගෙන මේ රහස් සාමාන්‍ය මිනිස්සුන්ව පිස්සු වට්ටනව.  කාටවත් කියන්නෙ නැත්තන් මම රහසක් කියන්නන්........... මේ ගෙදර........... මායාකාරියො ඉන්නව................ ලෝකෙ මෙයාලගෙන් දැක්කෙ සාමාන්‍ය මූණක්. ඒත් ඇත්ත මොකක්ද කියල කියනවනන් මෙයාලගෙ කවුරුත් නොදැක්ක මූණක් කළුවරේම හැංඟිලා තිබුණා...........

🌑  මායා 🌕(Completed) Hikayelerin yaşadığı yer. Şimdi keşfedin