" ඉ....ඉතින් අපි කාල යන්..."

" කාලා යන්න...? අපි තව විනාඩියක් හරි පරක්කු උනොත් සර් අපිව කයි..."

" යා....හ් ජිමිනා මගේ බෙල්ල...අතාරිනවා මාව...."

" බෙල්ල...?...මට පුළුවන්නම් මම ඔය බෙල්ල කනවා..."

ජිමින් කෑ ගහන ගමන් මගේ බෙල්ල අතෑරියා.නීරා නම් පැත්තකට වෙලා හොඳට හිනා වෙනවා...

" දැන් ඉතින් යන්....මදැයි...ආ...යිශ් මෙහෙම මෝඩයෙක්..."

ජිමින් මට රවන ගමන් කියවන්න පටන් ගත්තා..

" යා.....හ් කෑම කන්න ගිය නිසා පරක්කු උනේ කියලා සර්ට කියමු...ඕක ඔච්චර දෙයක්ද..?"

" ආ...යිශ්...ඔයා දන්නවනම් සර් ගැන ඔහොම කියන්නෑ...කෝච් සර් කියන්නේ කැම්පස් එකෙන් චාටර්ම පනිශ්මන්ට් දෙන කෙනා..ඒකත් ග්‍රවුන්ඩ් එක මැද...ආයිශ්....මොන ලැජ්ජාවක් විදින්න වෙයිද දන්නෑ..."

" අරස්සෝ අරස්සෝ...ගිහින් බලමුකො..."

එහෙම කියලා මාත් ජිමින් එක්ක ග්‍රවුන්ඩ් එකට යන්න ලෑස්ති උනා...හෝල් එකෙන් එලියට එනකොටම ජිමින් එකපාරටම පිටිපස්ස හැරිලා නීරට කතා කලා..

" යා....හ් නීරා....අද එහෙම එනවා නෙමෙයි කෙල්ලෝ ටිකත් උස්සගෙන ග්‍රවුන්ඩ් එකට.ආවොත් බලාගන්නම්කො.."

ජිමින් එහෙම කිව්වට නීරානම් ඒක ගනන් ගත්ත බවක් පෙනුනේ නෑ...නීරටත් සද්දේ දාලා මටත් බැන බැනා ජිමින් මා එක්කම ග්‍රවුන්ඩ් එකට ආවා...ස්පෝට්ස් ක්ලබ් එකට ගිහින් චේන්ජ් කරගෙන අපි එලියට එනකොට දැක්ක දෙයින් ජිමින් හොදටම කලබල උනා..

" යා....හ අර නීරා...මුලු කැම්පස් එකටම කියලා වගේ..."

ජිමින් අතින් කොන්ඩේ අවුල් කරගන්න ගමන් කෑ ගහන්න පටන් ගත්තා..

මුලු ග්‍රවුන්ඩ් එක වටේම කැම්පස් එකේ කෙල්ලෝ පිරිලා ඉදියා...මටනම් ගාණක් උනේ නෑ.ඔය කිව්වට කෝච් සර් ලොකු දඬුවමක් දෙන එකක් නෑ කියලමයි මට හිතුනේ..අපි දෙන්නා චේන්ජ් කරගෙන එලියට එනකොටම කෝච් සර් අපේ ලඟට ආවා...

" ආ...හ් මේ ඉන්නේ දෙන්නා....හරි දෙන්නම ගිහින් ලයින්ස් වල හිටගන්නවා.."

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now