11 කොටස

Mulai dari awal
                                    

" නීරා...එයාව ටෙරස් එකට එක්කන් එන්න බලන්න....හොඳින් හෝ නරකින් එයාව එක්කන් එන්න.."

" අ....අරස්සෝ... JK "

ටික වෙලාවකට පස්සේ මම කියපු විදිහටම නීරා වයසක මනුස්සයෙක් එක්ක ටෙරස් එකට ආවා..

" JK...එයා මා එක්ක එන්න අකමැති උනේ නෑ..."

" අරස්සෝ අංකල් මේ වෙලේ අපිට ඔයාගේ උදව් ඕනි..."

මම එහෙම කියනකොට වයසක මනුස්සයා හා කියන්න ඔලුව වැනුවා.මට තේරුණා එයා දන්න ලොකූ දෙයක් තියෙනවා කියලා..වගේම එයාට අපිට ඒක කියන්න ඕනි කියලත්...

" නීරා...ඔයා කිව්වා නේද ඔයාට එයාව තෙරුම් ගන්න පුලුවන් කියලා..? ඔයාට විස්වාසයිද ඒක කරන්න පුලුවන් කියලා.."

" දේ....මට විස්වාසයි.ඒ ගැන බය වෙන්න එපා JK.."

නීරා ඒ තරම් විස්වාසෙන් කිව්වේ බොරු නෙමෙයි කියලා මට තේරුණා..ඒත් එයා ඒ ගැන දැනගෙන ඉන්න එක ගැන මට පුදුමත් හිතුනා..තවත් පරක්කු නොකර මිආ ගැන තොරතුරක් දැනගන්න හදිස්සි නිසා මම නීරට එයාගේ වැඩේ කරන්න ඉඩ දුන්නා..

" අරස්සෝ....නීරා...එයා එක්ක කතා කරන්න.."

මම කිව්වට පස්සේ නීරා කතා කරන ගමන් හස්ත සංඥා වලින් කතා කරන්න පටන් ගත්තා..

" ඔයා එදා මැරුණ ගෑනු ළමයව දැක්කද..?"

නීරා අහනකොට වයසක මනුස්සයා ඔවු කියන්න ඔලුව වැනුවා..ඊට පස්සේ ආයෙමත් නීරා එයා එක්ක කතා කරන්න පටන් ගත්තා..

" ඔයා මොනවද දැක්කේ..අපිට ඔයා දන්න හැමදේම කියන්න.අපි ඒ ගෑනු ලමයගේ යාළුවෝ.."

නීරා අහපු දේට ඔලුව වනලා වයසක මනුස්සයත් හස්ත සංඥා වලින් නීරාට මොනවද කියන්න පටන් ගත්තා..එයා කියන හැම දෙයක්ම අපිට ඇහෙන්න නීරා කීවේ අපිට ඒ කිසිම දෙයක් තේරෙන්නෙ නැති නිසා..

" එයා මැරෙන්න ටික වෙලාවකට කලින් මම උඩ තට්ටුව පිරිසිදු කරන්න උඩට යන ගමන් ඉදියේ...එදා ලිෆ්ට් එකේ අලුත්වැඩියාවක් නිසා මම පඩිපෙලෙන් උඩට නගින ගමන් ඉදියේ..ඒ එක්කම පහල ඉදපු මිනිස්සු කෑ ගහන්න පටන් ගත්තා.මම ජනෙල්ලෙන් පහල බලනකොට දැක්කේ පහල ගෑනු ළමයෙක් ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා..එතකොටම ටෙරස් එකේ ඉදන් දුවගෙන ආව කෙනෙක් මගේ ඇඟේ හැප්පිලා කලබලෙන් දිව්වා..එයා ඉදියේ කලු තොප්පියක් දාගෙන , කලු මාස්ක් එකක් දාගෙන.."

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Tempat cerita menjadi hidup. Temukan sekarang