" ජිමින්.."

මම ජිමින් දිහා බලලා ඉඟි කලේ ලූකන්‍ට ඌ කලේ වරදක් කියලා තෙරෙන්න පාරක් දෙන්න කියලා..මම කියපුදේ තේරුම් ගත්ත ජිමින් අත මිට මොලවලා ලූකන්ගේ මූණට ගැහුවේ ජිමින්ගේ කේන්තියම ඒ පාර ඇතුලේ හිර කරල කියලා මට තෙරුනේ ජිමින් ගහපු පාරට ලූකන් ඇදගෙන බිම වැටුන නිසා...

" තමුසේ ආයෙම මගේ ඇස් දෙකට පේන්න ආවොත් මම තමුසෙව ඉවරයක් කරනවා..මතක තියාගන්නවා තමුසේ අද ගෙදර යන්නේ මට මිනීමරුවෙක් වෙන්න ඕනි නැති නිසාම විතරයි..."

බිම වැටිලා ඉදපු ලූකන්ගේ කොලර් එකෙන් අල්ලලා ලූකන්ව නැගිට්ටවන ගමන් ජිමින් කෑ ගහන්න පටන් ගත්තා...

" එහෙනම් තමුසෙට තවත් අතක් සෙට් වෙලා...හරි අපි බලාගමු."

ලූකන් මා දිහා බලලා එහෙම කියන ගමන් උන් ආපු වාහනේට නැගලා යන්න ගියා..

" නීරා...නැගිටිනවා..."

ජිමින් නීරා ලඟට ගිහින් නීරට කෑ ගැහුවේ නීරව නැගිට්ටවන ගමන්..ජිමින්ගේ අතට වාරු වෙලා නැගිටපු නීරාව එක්කගෙන මායි ජිමිනුයි ලයිබ්‍රි එක පිටිපස්සේ අපි ඉදපු හෝල් එකට ආවා..නීරව වාඩි කරවලා Firstaid බොක්ස් එක අරන් ආපු ජිමින් නීරගේ තොලට බෙහෙත් දාන්න හැදුවත් නීරා ඒකට ඉඩ දුන්නෑ..නීරා කොච්චර වලක්වන්න හැදුවත් ජිමින් නීරාගේ අත ගසා දාලා තොලට බෙහෙත් දාන්න පටන් ගත්තා..

" මොකටද ඌ ආයෙම එන්නෙ..? "

ජිමින් අහනකොට නීරා අඬ අඬා කතා කරන්න පටන් ගත්තා..

" ලූ...ලූකන්ට මගෙන් ඕනි වෙන දෙයක්....එයාට ඕනි ආදරේ නෙමෙයි...මම මිනිහව අතැරලා දාපු දවසේ ඉදන් මිනිහා මට වද දුන්නා.ඒත් කලින් සැරේ ඔයා මැදිහත් වුන නිසා කාලයක් මට පේන්නවත් ආවෙ නෑ..ඒත් ඊයේ ක්ලබ් එකේදී මට ආයෙම ලූකන්ව හම්බුනා..මට කරදර කරන්න හැදුවා.."

නීරා කෑ ගහලා අඬන්න පටන් ගත්තා...නීරා ඇඬුම නතර කරන්නෙ නැති නිසාම වෙන්න ඇති ජිමින් නීරාව ලඟට අරගෙන ඔලුව අතගෑවා..

" අරස්සෝ .....අරස්සෝ....දැන් අඬන්න එපා..හැමදේම හරි...ඔයාට කරදරයක් වෙන්නේ නෑ...දැන් ඔයා එක්ක මම වගේම JK ත් ඉන්නවා..ඒ නිසා බය වෙන්න එපා...එහෙම නෙද JK ?"

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now