" චුහ්නාචිම් ජන්ගුක්....මො...මොකක්ද උනේ...මොකද මේ මූණ ? කා එක්ක හරි ප්‍රශ්නයක් දාගත්තද...?"

අබොජි එකපාරටම කලබලෙන් වගේ මගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්‍තා..

" අ....අනී අනී....ඊයේ රග්බි සෙල්ලම් කලා..එතකොට බෝලේ මුණෙ වැදුණා.."

මම එහෙම කීවත් අබොජි මා දිහා බලාගෙන ඉදියේ මම කියන්නේ බොරුවක් කියලා දන්නවා කියන්න වගේ...වැඩි වෙලා ඉදියොත් ප්‍රශ්නයක් ඇතිවෙනවා කියලා දන්න නිසාම මම ඉක්මනට කාලා බයික් එකත් අරන් කැම්පස් එකට ආවා..

මම පාර්ක් එකට යනකොටම වගේ ජිමිනුත් කැම්පස් එකට ආවා..අපි දෙන්නා ආව විතරයි කැම්පස් එකේ කෙල්ලො ටික අපිව වටකරගත්තා...මේකප් නාගෙන ඉන්න නීරා හැමදාම වගේ ඉස්සරහටම වෙලා අපි දිහා බලාගෙන ඉදියා...

" ජේකේඒඒඒඒ...."

බයික් එක නවත්තලා කෑ ගහගෙන මගේ ලඟට ඇවිත් ෆිට් එකක් දීපු ජිමින්ව දැකලා කෙල්ලො ටික කැගහන්න පටන් ගත්තා..

" ඔ....ඕමෝ...ඕමෝ...එයාලා යාලුවො වෙලා....වා......හ් කැම්පස් එකේ ඉන්න හැන්ඩ්සම් ම දෙන්නා දැන් යාළුවෝ...ඕමෝ.....
ඕමෝ...."

නීරා පිස්සුවෙන් වගේ කියවගෙන ගියා..

" ඕ.....ඕහ්....JK ඔයාගේ මූණ..? "

නීරා එහෙම කියාගෙන මගේ ලඟට ඇවිත් මගේ මූණට අත තියන්න හැදුවා...ඒත් ඊට කලින් මම නීරගේ අත අල්ලගත්‍තා..

" නෝ බේබි නෝ...ඔයාට මගෙ මූණ අල්ලන්න අවසර නෑ.."

මම එහෙම කියනකොට නීරා මට රවාගෙන ජිමින් ලගට ගියා..

" ජිමින් ඔයාට මොකද උනේ..ඔයාගෙ තොල තුවාල වෙලා..."

" දේ....මට නින්දෙන් තොළ හැපුනා."

ජිමින් නීරාව ගනන් ගන්නේ නැතුව කියනකොට නීරා ගස්සගෙන කැම්පස් එක ඇතුලට ගියා...නීරා විකාරයක් තමයි.ඒත් නීරගෙන් කාටවත් හානියක් උනේ නෑ..එකම කරදරේ උනේ මාවයි ජිමින්වයි දකින දකින තැන ඇඟේ එල්ලෙන එක..නීරා ගියාට පස්සේ වට වෙලා ඉදපු කෙල්ලො ටිකගෙන් ගැලවිලා මමයි ජිමිනුයි ලෙක්චර් හෝල් එකට ආවා..එකට එන අපි දෙන්නව දැකලා හෝල් එකේ ළමයි පුදුමෙන් වගේ අපි දිහා බලාගෙන ඉදියා..

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Where stories live. Discover now