Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මොන විකාරයක්ද ඵ්???
උදේ නැගිටිනකොට මම හෙමින් මිමිනුවා .
"කව්ද ඵ් ? අපේ නගරෙ කාට හරි ඵ් වගෙ ඇස් තියෙනවාද ? , නැත්තන් ඔයා කොහෙ හරි ඵ් වගෙ ඇස් තියෙන කෙනෙක්ව දැකලා තියෙනවද ?" එහෙම එක දිගට ප්‍රශ්න වැලක් ඇහුවෙ මගෙ හොදම යලුවා ටානියා, මන් එයාට මගෙ විකාර හීනෙ කිව්වට පස්සෙ.
ටානියා කියන්නෙ මට වඩා අවුරුද්දක් වඩිමල් අවුරුදු 19 ක හොඳ හදවතක් තියෙන තරුණ කෙල්ලෙක් . අපි දෙන්නගෙ ගොඩක් ගතිගුන එකට එකක් වෙනස් උනාට අපි දෙන්නගෙ අදහස් ගොඩක් වෙලාවට සමානයි , හැබැයි අපි දෙනන්ම තාම ආදර සම්බන්ධතාවෙක ඉදලා නෑ කියන එක කොහෙන් බැලුවත් දෙනන්ටම පොදු දෙයක්. මොනා උනත් මන් මොනාහරි මෝඩ වැඩක් කරල ප්‍රශ්නයක් දාගත්තාම හැම වෙලාවෙම මාව බේරගන්න ඉන්නෙ ටානියා තමා ඉතින්.
ජනවාරි කියන්නෙ උතුරු ඇමරිකවේ ඉන්දියානා වලට හොදටම සීතල කාලය. ඉස්කෝලත් නැති නිසා අපි උදේම ලයිබ්‍ර් එකට යන්ඩ පිටත් උනා.
"පුදුම සීතලක් නේ තියෙන්නෙ...මෙලෝ මනුස්සයෙක් පාරෙවත් නෑ... මටනන් නිකන් හිතෙන්නේ අපි හොල්මන් ෆිල්ම් එකක රගපානවා වගෙ"මං කිව්වේ ටනියා මගෙ හීනෙ ගැන විස්තර අහන එක නවත්ත ගන්න ,මොකද මම ඇස් දෙකක් ඇර ටානියා ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න තරන් වෙන දන්න දෙයක් නැති නිසා .
"හ්ම්ම්.." ටානියා කිව්වෙ ගඹුරු කල්පනාවක ඉදලා. "ඇයි මොකක්ද ඔච්චර කල්පනා කරන්නෙ?" මන් අහුවෙ මෙච්චර කියෝපු කෙනාට මොකද උනේ කියලා පුදුම වෙලා.
"වැඩක් නැහැ " කියලා ටානියා කිව්වෙ ලයිබ්‍ර් එකේ දොර තල්ලු කරන ගමන්.
මන් කොච්චර පොත් කියවන්න ආසද කිව්වොත් වෙන වෙලාවල් වල ටානියා ප්‍රශ්නෙක හිටියොත් කොහොම හරි ප්‍රශ්නෙ අහගන්න මට ,ඒක අමතක වෙන්න ගියෙ ලයිබ්‍ර් එකේ අලුත් පොත් වල සුවද දැනෙන්න ගිය එක තප්පරයයි.
අද ලයිබ්‍ර් එකේ තිබුනෙ හරිම පාලු පාටක් පුස්තකාලායාධිපති පෙරලන පොතේ පිටුවල සද්දෙ හැර වෙන සද්දෙකට තිබුනෙ අපි තියන අඩි වල දෝන්කාරය විතරයි .
"සුබ උදෑසනක් වේවා තරුණ නෝනලා දෙන්නට" කියලා අපිව පිලිගත්තෙ අවුරුදු 60 විතර මහලු කාන්තාවක් , එයා තමා අපි දන්න කාලේ ඉදලා ලියිබ්‍ර් එක බලාගත්තේ . ඇයගෙ මුහුන වයසත් එක්ක රැලි වැටිලා තිබුනත් ඇය තරුන කාලේ ලස්සන මුහුනකට හිමිකම් කියලා තියෙනවා කියලා ඇයව දකින ඕන කෙනෙක්ට හිතගන්න පුලුවන් .
අපිට සුබ උදෑසනක් පතලා අපිව පහු කරන් වම් පැත්තෙ තියෙන පොත් රාක්කය පැත්තට ඇය ගියේ ප්‍රසන්න හිනාවක් එක්ක.
අපිත් කටේ හිනාවක් පුරෝගෙන ඉක්මනට පඩිපෙළ නැගලා, මම අබිරහස් කතා පොත් තියෙන දකුණු පැත්තෙ රාක්කය ලගට ගියා, ටානියා වම් පැත්තට ගියේ එයා හොයන්න ආපු මර්ක් ට්වෙයින් ගේ පොතක් හොයන්න .
මම හෙමින් හෙමින් ආයෙ පඩිපෙළ බැස්සේ අගතා ක්‍රිස්ටිගේ මර්ඩ ඔන්ද ඔරියන්ටල් එක්ස්ප්‍රස් පොත කියවමින්. සම්පූර්ණයෙන් වෙන ලෝකෙක හිටිය මට බාධා කරේ මට පිටිපස්සෙන් වේගයෙන් අඩි තියමින් ආපු කරදරකාර සපත්තු සද්දෙ.
මං ලගට ඇවිත් ටානියාගෙ ඒ සපත්තු සද්දෙ නවතිනකන් මන් බලන් හිටියෙ පුදුම ඉවසීමෙන් . ඒත් හිතග්න්නත් බැරි විදිහට මට මහ පුදුම අමුත්තක් දැනෙන්න ගත්තා, මට තේරුණේ මං ඉස්සරහ දොරට උඩින් තිබුන ඔරලෝසුවෙ කටුව නතර වෙලා වගේ, ඒ අඩි සද්දෙ ලං වෙන්නවත් එක්කම මගේ ඇගට දැනුනේ අමුතුම ගුප්ත සීතලක්, මට දැනුණා වගේ එක් ක්ශනිකයෙන් මාව පහු කරන් ගියේ කලු පාට හුඩියක් දාන් හිටපු කෙනෙක් මිසක් මං බලාපොරොත්තු උන ටානියා නෙවෙයි , ඔහු මාව පහුකරගෙන යනකොට මගෙ හදවත කොච්චර වේගයෙන් ගැහෙන්න ගත්තද කියනවානම් ඒ දෝන්කාර දිදී ඇහුන අඩි සද්දෙට වඩා මට අහුනේ මගෙ හදවතේ ගැස්ම. වේගෙන් දුවන් ගිය ඔහුට දොරෙන් නොපෙනී යන්ඩ ගියේ තප්පර කිහිපයයි. ඒ ගෙවුන මොහොත මට හරියට දැනුනේ අවුරුදු 100ක් ගියා වගේ....
නොදැනුවත්වම අතින් පොත අතහැරෙනවත් එක්කම ,මාව පියවි සිහියට ගෙනාවේ "කයිලි!!" කියලා මට කතා කරපු ටානියාගෙ කටහඬයි.
.........................................................................
YOU ARE READING
CALLED DESTINY ! || Completed ||
Fantasyමේ ලෝකයේ හැම ආදර කතාවක්ම, හැම යාලුකමක්ම වගේම හැම හිතට දැනුණ සබඳතාවක්ම හැම විටම සතුටු දායක විදිහට අවසන් වෙන්නෙ නැහැ . නමුත් මේ ජීවිතය තුලදී දී ඔබට අහිමි වූ ඒ ආදරය හෝ ඒ සබඳතා නැවත නැවතත් සසර පුරාවටම හමු වන බව දෛවයේ පොරොන්දුවක්. ...
