❤️💔...I feel you(Chapter 08)...❤️💔

Comincia dall'inizio
                                    

"ජන්කුක්.......ස්ස්ස්.....අඩන්න එපා.....🥺......."

මං ජන්කුක්ගෙ මූණ පුරා බේරුනු කදුළු මහපට ඇගිල්ලෙන් පිහින ගමන් කිව්වා.නොහිතුව විදිහට මගෙ කටහඩත් තැනින් තැනින් කැඩුනෙ ඇස් වලින් කදුළු බේරෙද්දි.මං මොකුත් කියන් නැතුවම ජන්කුක්ව ළගට අරගෙන තුරුල් කරගත්තෙ ඒ කදුළු මට තවත් බලන් ඉන්න බැරි නිසා.මට නොතේරුනු මොකද්දෝ අමුතු හැගීමක් ඒ කදුළු දකිද්දි පපුව හිරිවැට්ටුවා.කදුළු එයාගෙ වුනත් මට දැනුනෙ වේදනාව මගෙ කියලායි.නමක් නැති මොකද්දෝ අමුතු බැදීමක් ඒ ඇස්වලින් වැටෙන කදුළු වලයි මගෙ හදවතෙයි තිබුනා.මගෙ බෙල්ල අස්සෙ මූණ හංගගෙන අඩන කොල්ලට මං මොකුත්ම නොකියා කල්පනා කලේ ඒ ගැන.බෙල්ල ළගටම වැවිලා තිබ්බ අවුල් වුනු කොණ්ඩෙ අස්සෙන් ඇගිලි තුඩු යවන ගමන් අනිත් අතින් මං ජන්කුක්ගෙ පිටට තට්ටු කරේ සහනයක් ලැබේවි කියන විශ්වාසෙන්.සැරින් සැරේට අලුත් වෙලා වැක්කෙරුනු ජන්කුක්ගෙ කදුළු බිංදු මගෙ පපුව දිගේ ගලාගෙන ගියා. ටික වෙලාවක් ගතවෙද්දි මගෙ මූණ බෙල්ල ස්පර්ශ කරගෙන වේගෙන් වේගෙන් වැදුනු උණුසුම් හුස්මත් එක්ක මට තේරුනා ජන්කුක් අඩලා ඉවරයි.ආපහු කදුළු අලුත් වෙයි කියන බයටම මං හිමීට ජන්කුක්ව ඈත්කරලා ඒ ඇස් වලට එබුනෙ හේතුව දැනගන්න.

"ජන්කුක්.......ප්‍රශ්නයක්ද........හ්ම්.......හැමදෙයක්ම කියන්න......මේ බලන්න......මං ඉන්නවා ඔයා ළඟ අහගෙන......හිතන්න මං ඔයාගෙ නූනා කියලා.....🥺"

මං ජන්කුක්ගෙ මූණ අත් දෙකට මැදිකරගෙන ඒ ඇස් දිහාම බලාගෙන හිටියා.මගෙ ඇස් වලම නතරවෙලා තිබ්බ එයාගෙ ඇස්වල මං දැක්කෙ පසුතැවීම.මොකක්මහරි දෙයක් නිසා එයා හිටියෙ දුකෙන්....බයෙන්......නැති වේවිද කියන බයයි ඒ ඇස් වල රැදිල තිබුනෙ.මොනවත්ම වචන විදිහට කිව්වෙ නැතත් ඒ බැල්ම මට වචන දාහකින් කියාගන්න බැරි තරම් ලොකු කතාවක් තේරුම් කරන්න උත්සාහ කලා.තත්පරයක් දෙකක් නෑ ඊටත් වඩා........ අපේ හදගැස්ම ඇරුනම අපිට ඇහුනෙ ඔරලෝසු කට්ට එහෙට මෙහෙට යද්දි එන සද්දෙ විතරයි.ජන්කුක්ගෙ ඇස් මගෙ ඇස් එක්ක එකට බැදිලා.

"එයා.......එයා......වෙන කෙනෙක්ගෙ කියල දන්නව මං හොදටම.....ඒත් අහන්න......ඉන්හා......ඈතින් ඉදන් දුරකට ගිහින් අඩුම තරමෙ එයාටවත් දැනෙන්නෙ නැතිවෙන්න , එයාට ආදරේ කරන්න මට තහනමක් නෑ නේද🥺.......ඒ...ඒක වැරදිද.....කිසිම කෙනෙක්ට හිතාගන්නවත් බැරි තරම් මං එයාට හිතින් ආදරේ කරනවා....."

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Dove le storie prendono vita. Scoprilo ora