Episode 07

168 41 38
                                    

~ඝාතන සැලැස්මක්~
🔎

එක වරම යමක් මතක් වූ Kim Shin තම අසිපතද රැගෙන දිව ගියේ Jong-hyun ව හා Jeong අමාත්‍ය වද පසු කරමින්.

_flashback_

භාණ්ඩාගාරය ගිනි ගෙන ඇති බව දැනගත් සැනින් Kim Shin හා Lee Lim වේගයෙන් ඒ දෙසට දිව ගියා.  කිරුල හිමි කුමරුගේ කුටිය අසලින් යන විට Lee Lim සේවිකාවගේ ඇගේ හැපුන නිසා ඇය ගෙනා ඖෂධ බඳුන බිම වැටී බිඳී ගියා. එයට සමාවීමට Lee Lim නැවතුන නිසා Kim Shin හැරී බැලුවා. ඒ සේවිකාවගේ මුහුණ දුටුවත් ඒ ගැන තැකීමක් නොකල ඔහු නැවත් භාණ්ඩාගාරය දෙසට දිව ගියා.

_ flashback ends_

"ඒ ඇයයි.. DalLuna අවනහලේ නාටිකාංගනාව... ඇය කුමක්ද.... Wang Wook කුමරුගේ මාලිගයේ...?"😨
එසැනින් Kim Shin දිව ගියේ කිරුල හිමි Wang Wook කුමරුගේ මාලිගය දෙසටයි.

Kim Shin මාලිගයට ගිය විට දුටුවේ මියගොස බිම වැටී සිටි සෙබලුන් කිහිප දෙනෙක්, එතැන සිටි සෙබලුන්ගෙන් බොහෝ පිරිසක් සිටියේ භාණ්ඩාගාරය අසලයි. ඒ නිසා කිරුල හිමි කුමරුගේ මාලිගය තිබුනේ අඩු ආරක්ෂාවක යටතේයි. වහාම දොර ඇර ඇතුලට ගිය Kim Shin, අසිපතත් දික් කරගෙන සටනට සූදානම්ව සිටි Wang Wook කුමරුට එකතු වූ නිසා පැමිණ සිටි මැරයන එතැනින් පලා ගියා. Kim Shin,  ඔවුන්ව ලුහු බඳින ලෙස වෙනත් සෙබලු පිරිසකට පවරා Wang Wook කුමරු අසලට පැමිණියේ ඔහුට අනතුරක් වී ඇත් දැයි දැනගැනීමටයි.

"මා සුවෙන්... භාණ්ඩාගාරයේ ලේඛන වලට බොහෝ හානි සිදු වෙලාද?"

"එසේ නැහැ... ගින්න ඇතිවී තිබෙන්නේ පිටතිනුයි. "

"පිටතින්?"

"එහෙමයි කුමරුනි..."

"පවසන්නේ මෙය මා ඝාතනයට කල සැලැස්මක් බවද?"🙄

"විය හැකියි... මා දුටුවා DalLuna අවන්හලේ සේවිකාව මෙහි සිටිනවා. සැකයක් ඇති වූ නිසයි මා පැමිණියේ. "

"ආ... ඇයව නම් සේවයට ගත්තේ මමයි. ඇගේ සොයුරා මාලිගයේ සෙබලෙක්. ඔහුයි මගෙන් උපකාර පැතුවේ.
ආ... මේ පැමිණෙන්නේ ඇය.."

එතැනට ඇය පැමිණියේ කුමරුගේ සීරුම් පහරවල් වලට බෙහෙත් ද රැගෙනයි.

I Pɾҽƚҽɳԃ Yσυ'ɾҽ Mιɳҽ [on Going]Where stories live. Discover now