Episode 03

245 57 72
                                    

~හමුව~
💕

"Yoon Se-ri.....ඔන්න මමයි කුමරුයි ඔබට උදව් කරන්න යන්නේ.."😌 Hae so, පැවසුවේ Wang Yoo කුමරු දෙස බලමින්.

"කුමක් සඳහාද?"🙄

"වෙන කුමක්ද? Kim Shin ට ඔබ ගැන අදහසක් ඇති කිරීමට...."😎 Wang Yoo කුමරු පිලිතුරු දුන්නා.

"මා නම් සිතන්නේ නැහැ එය සාර්ථක වෙවි කියා.."🙄

"අක්කණ්ඩි..., මේWang Yoo සිටින තුරු ඔබ දර කොටයකටවත් බය වෙන්න එපා.."😌

තුන් දෙනා කතා කරමින් යන අතරතුර අමාත්‍ය Kim ව ඔවුන්ට මුණ ගැසුනා. ඔහුට හිස නමා ආචාර කළ Se-ri අමාත්‍ය දෙස බලා සිටියේ ඔහු යමක් පැවසීමට ගිය නිසයි. නමුත් ඔහු මද සිනහවක් පෙන්වා එතැනින් ගියේ රජතුමා හමුවීමට බව තුන් දෙනාටම වැටහුණා.

"අමාත්‍ය Kim හා අමාත්‍ය Jeong අතර නම් දැන් සීතල යුද්ධයක් ආරම්භ වෙලයි තියෙන්නේ. " අමාත්‍යතුමා පහු වුන සැනින් Hae So කිව්වා.

"මා නම් සිතන්නේ Jong-hyun ට වඩා Kim Shin සෙන්පති තනතුරට ගැලපෙන බවයි... Jong-hyun ගැන ඔබ අසා ඇති නෙ.... 🙄 තීරණය පියාණන් සතුයි..."

"ඔව්. ඔහු එතරම් යහපත් අයෙක් නොවේ..." Se-ri එහෙම කිව්ව නිසා Hae So මූණ ඇද කර ගත්තා.

"ඒත් ඔහු කඩවසම් නේ...😫😍"

"ඔබ නම්.... කඩවසම් උනා කියල ඕනම අයෙකුට කැමති වෙනවද ආ...?" Se-ri, Hae So ට ටොක්කක් අනින ගමන් කිව්වා.

_____________________________________________

"Hae So... ඔබට නොහැකියි මාව අල්ලන්න..."

"Hae So.. මා මෙහේ....🙋‍♂️"
ඒ කුමරු, Yoon Se-ri හා Hae So සෙල්ලම් කරන හඬයි. Hae So ගේ ඇස් දෙක රෙදි කැබැල්ලකින් ආවරණය කරලයි තිබුණේ.

"අල්ල ගත්තා...."📣📣📣📣 Hae So කෑ ගැහුවේ Se-ri ව අල්ලගත්ත නිසයි.

"දැන් ඔබේ වාරය.."😀 Wang Yooකුමරු, Se-ri ගේ ඇස් දෙක ගැට ගැහුවා.
අත් දෙකත් ඉස්සරහට දික් කරගෙන Se-ri එහෙ මෙහෙ ගියේ අනිත් දෙන්නාව අල්ලන්නයි. Hae So හා Wang Yoo කුමරු කෑගසමින් එහෙට මෙහෙට දිව්වා. තවමත් තරුණ වියේ පසුවන පාලිකාවන් කිහිප දෙනෙක්වත් කුමරු විසින් සෙල්ලමට එකතු කර ගත්තා. මහලු, පාලිකා Choi සෙල්ලමට එකතු නොවූවත් ඇයටත් කුමරු සමඟම දුවන්න උනේ කුමරු තුවාල කර ගනීවි යයි බියවූ නිසයි. කෑ ගසමින් සෙල්ලම් කල ඔවුන්ව පෙනුනේ ළදරුවන් ලෙසයි.
Yoon Se-ri එකවරම පැනලා දෑතින්ම කෙනෙක්ව බදාගත්තා. හැමෝම එක වරම නිශ්ශබ්ද වූ නිසා ඒ කුමරු බව Se-ri නිගමනය කලා. ඇස් වලින් රෙදි කැබැල්ල ඉවත් නොකරම ඇය, ඔහුගේ මූණ මිරිකුවා. කුමරුගේ කිසිම ප්‍රතිචාරයක් නොවූ නිසා Se-ri වහාම රෙදි කැබැල්ල ඉවත් කරපු ගමන් දුටුවේ පාලිකාවන් තුෂ්ණිම්භූතව බලා සිටින අයුරුයි. Hae So ඇස් දෙකත් ලොකු කරගෙන අත් දෙකෙන්ම කටත් වහගෙනයි හිටියේ. ඊට එහා පැත්තේ දුවන ඉරියව්වෙන්ම ගල් වෙලා හිටියේ Wang Yoo කුමරුයි.

'WANG YOOO?😳 එතකොට මේ කව්ද?'😱😱😱😱

Se-ri ඒ කව්ද කියලා බැලීමට ඔහු දෙසට හැරුණත්, ඉර එලිය මූණට වැටුණ නිසා මුහුණ පැහැදිලිව පෙනුනේ නැහැ. මූණ එහෙට මෙහෙට වනලා බැලූ විටයි ඇයට හරියටම පෙනුනෙ ඒ කව්ද කියා.

"Kim Shin නිලධාරිතුමා..?"😱

"ඔබේ අත් දෙක ඉවතට ගන්නවද?"😑

"ඕ..ඕ... ස... සමාවන්න.."😬 Se-ri හෙමීට Kim Shinගේ ඉන වටේ යවා තිබූ අත් දෙක ඉවතට ගත්තා. තමාව රතු වීගෙන එන බව ඇයට තේරුණ නිසා ඇස් දෙකත් වහගෙන ඇය බිමම බලා ගෙනයි සිටියේ. හෙමීට යන්තම් ඔලුව උස්සලා එක ඇහැක් ඇරලා බැලුවත් කිසිවෙකු එතන සිටියේ නැහැ. ඔහු ඒ වන විටත් බොහෝ දුරක් ගොස් හමාරය.

"Se-riiiiiii.... මොකක්ද ඒ සිදුවුනේ?"😱 Hae So, Se-ri ගාවට දුවගෙන ආවා.

"ආ...හ් එයමයි මමත් කියන්නේ... කුමක්ද ඒ සිදු වුනේ?"😫

"ඉන්න. මං පැහැදිලි කරන්නම්..😌කුමරු කතාව විස්තර කරන්න ගත්තා.
සිදු වූයේ මෙයයි. Kim Shin මේ පැත්තෙන්.... Yoon Se-ri මේ පැත්තෙන්... එක වරම... ඩෝං...💥"

"ඇති ඇති.... සිදු වූ දේ මේ සියල්ලන්ම දුටුවා. "😒 Hae So කුමරුන්ව නැවැත්තුවා.

"පලමු හමුවත් නරකම නෑ... වෙනස්ම විදියක්...😎" කුමරු ඒ කියපු දෙයට Se-ri ඔහුට පහරක් ගැසුවා.

_____________________________________________

Kim Shin ගියේ රජතුමා හමුවීමටයි. ඒ ඔහුටත්, Jong-hyun ටත් රජතුමාගෙන් කැඳවීමක් ලැබුන නිසයි. Kim Shin එහි යන විටත් Jong-hyun හා ප්‍රධාන අමාත්‍ය එහි පැමිණ සිටියා.

"කමා කරන්න රජතුමනි, මා මදක් ප්‍රමාද වූවා"

Jong-hyun, Kim Shin දෙස බලා සමච්චල් සහගත සිනාවක් පෑවා.

"මා... ඔබ දෙදෙනාට රාජකාරි භාර දෙනවා. ඒ අනුව මා තීරණයකට එලඹෙනවා... කව්රුද මීලඟ සෙන්පති වන්නේ කියා... Jong-hyun, ඔබට නැගෙනහිර හා දකුණු ප්‍රදේශත්, Kim Shin,ඔබට උතුරු හා බටහිර ප්‍රදේශත් මා භාර කරනවා. කටයුතු හොඳින් සිදු කරන්න..."

____________________________________________

To be continued .....

ඔන්න එහෙනං Kim Shin Se-ri දෙන්නව පොඩ්ඩක් මෙව්වා කලා...

ඔය යට තියන තරුවත් ඔබාගෙනම යන්න..

🌝🌝












08.05.21

I Pɾҽƚҽɳԃ Yσυ'ɾҽ Mιɳҽ [on Going]Where stories live. Discover now