❤️💔...I feel you(Chapter 06)...❤️💔

Start from the beginning
                                    

             
             එකට මිටමොලවගෙන තදකරගෙන ඉන්න අල්ල පුපුරු ගැහුවත් මං ඒ විදිහටම තදකරගෙනම හිටියා. දුකක් දැනෙන්දි මටම රිද්දගෙන ඒ දුක අඩු කරගන්න පුරුදු වෙලා ඉන්න මට මේ වේදනාව දැනෙන්නෙවත් නෑ......තවත් රිදුනනම් තුවාල වෙනවනම්.......ආසයි මං ගොඩක්........ඔළුව කැරකෙනවා වගේ දැනෙද්දි මං යන්තන් පාර අයිනට කරලා වාහනේ නතර කරගත්තේ කොහොම වුනත් මට දැන්ම මැරෙන්න උවමනාවක් තිබුණෙ නැති නිසා.මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න මිනිස්සුන්ට තවත් දුකක් දෙන්න මට බැහැ.

                      මං ෂටර් එකෙන් එළිය බැලුවා.සීතලට හමාගෙන ගියපු ළා හුළගක් මූනට වැදෙද්දි මගෙ ඇස් නිකන්ම පියවුනේ AC කරල තිබුනු කාර් එක අස්සෙ තිබ්බෙ නැති අමුතුම සිසිලසක් ඒ පහසෙ තැවරිලා තිබ්බ නිසා.මෙච්චර වෙලා හරි වේගෙන් දුවන් ආපු හදත් නැවතිලා මා එක්කම. හදත් එක්ක හිනාවෙලා කතාකරන පොඩි ළමෙක් වගේ මාත් හදත් එක්ක හිනාවුනා.මෙච්චර කාලෙකට මං සැහැල්ලුවෙන්ම හිනාවුනේ එයා එක්කද කොහෙද.......වෙනද වගේ නෙමෙයි , අද හරි නිස්කලංකයි......වලාකුළු නැති අහසෙ තිබුණෙ සරල චාම් ලස්සනක්.....හරියට ඉන්හා වගේ.....ඔයත් මේ අහස වගේ , හිතාගන්නවත් බැරි තරම් ඈතට විහිදෙනවා.......මගහරින්න බැරි විදිහට ඈතම ඈතට.......අහසට හොරෙන් හුස්ම ගන්න බැහැ වගේම ඔයා ළගදි මගෙ ආදරේ හංගන්නත් බැහැ.
පැසෙන්ජර් ෂීට් එකේ තියා තිබුණු බියර් ටින් එකක් අතට අරගෙන මං ලාවට තොලගෑවෙ තුවාල වෙලා තිබ්බ තොල් දෙකෙන් එන දැවිල්ලට ඇස් වල කදුළු පිරෙද්දි.

                      සීතල හුළගත් එක්ක මුසුවුනු මගේ හුස්ම ඈතට ඈතට පාවෙද්දි මං බියර් ටින් හතරක් පහක්ම හිස් කරල ඉවරයි.කාර් එක හැමතැනම විසික් කරල දාලා තිබ්බ බියර් ටින් දිහා බලලා මං ඔළුව හෙලෙව්වෙ පැසෙන්ජර් ෂීට් එකත් ෂීට් දෙකක් වෙලා පේන්න ගත්ත නිසා.අල්ලෙන් ඔළුවට පාරක් ගහගෙන ෂර්ට් එකෙත් කර ලිහිල් කරගෙන මං කාර් එක ස්ටාර්ට් කළේ ආවෙ කොහොමද කොහෙන් වුනත් පාර දිගේ කෙලින්ම යනව කියලා හිතාගෙන.


Choi Inha p.o.v.

               මං ගෙදර ආවෙ හොදටම හිත රිද්දගෙන.ටේහියුන්ග් කතා කරපු විදිහත් එක්ක මට ඇත්තටම හිතුනෙ එයාගෙ හිතේ මං ගැන පොඩිම හැගීමක්වත් දැන් නැහැයි කියලා.මට ඒ මොහොතෙන් පස්සෙ තව තත්පරයක්වත් හොස්පිටල් එකේ ඉන්නවත් වැඩ කරන්නවත් උවමනාවක් තිබ්බෙ නැහැ .මං කාගෙවත් ඉස්සරහ දුර්වලයෙක් විදිහට කදුළු වට්ටන්න කැමති වුනේ නැහැ පොඩි කාලෙ ඉදන්ම.ඔම්මා මාව දාලා ගියා.......මං ඇඩුවා.....මං කෑගගහා ඇඩුවා.......අප්පා කුඩම්මෙක් ගෙනාවා.....මං ඇඩුවා.......කේන්තිය තරහටත් වඩා මට තිබුණෙ දුකක්......ඒකයි මගෙ ඇස්වලින් ඒ විදිහට එදා කදුළු වැටුනෙ.....මට ඔම්මයි අප්පයි දෙන්නම නැති වුනු නිසා.ඒත් මට බලාපොරොත්තුවක් තිබ්බා.මං ඒ බලාපොරොත්තුව වෙනුවෙන් හුස්ම ගත්තා , හිනාවුනා......තිබ්බ හැම දුකක්ම අමතක කරා......හිතට දැනෙන පොඩි සතුටක් වුනත් ගොඩක් ආදරෙන් පිළිගත්තා.මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ තැලෙන යකඩයක් දැක්කොත් ඒක උඩ පැන පැන තලන්න.....වැරැද්දක් කියන්න බැහැ.........සමාජෙ එදත් අදත් හෙටත් එහෙම්මයි.......ඒ විදිහමයි.......ලස්සන හදවත් තියෙන මිනිස්සු හිටියත් ඒ හදවත් වල හැගීම් පිටට පෙන්නන්න තරම් ඉඩක් මේ සමාජෙ නැහැ. කවුරුහරි කාටහරි රිද්දලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ......ඒ මනුස්සයගෙ දුක වේදනාව කදුළු නේද......නැත්නම් ඒ මනුස්සයගෙ කේන්තිය , ඒත් ඇයි.......රිද්දන එකෙන් මිනිස්සු සතුටක් බලාපොරොත්තු වෙන නිසා.......මගෙ හැගීම් වලට රිද්දන , මගෙ හදවතට රිද්දන.....ඒ විදිහට රිද්දලා මගෙ කදුළු වලින් හිනාවෙන්න හේතු හොයන මිනිස්සුන්ට.......ඒ සතුට විදින්න මං ඉඩ දෙන්නෑ කවදාවත්ම.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now