එතකොට.. නීර්මලගේ ඒ වචන, වචන විතරක්ම වුනා කියන්නේ කොහොමද.. ඒ කටහඩේ තිබුනු එකායන බලාපොරොත්තුව ඒ විදිහටම එයා වැඩි කල් යනකන් කලින් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ලෝකයට ගෙනාවා කිව්වොත්.. ඇත්තටම නිර්මලට එයාගේ බලාපොරොත්තුවට තමන්ගේ හිත බදලා තියා ගන්න හිතුවටත් වඩා ශක්තියක් ඕන වුනා..
මොකද ඇත්තම කරණය නම් බුද්ධික මුකුත් නොකියා හිටියට විසුකා, ඒ කියන්නේ පබසරගේ අම්මා.. නෑ එයා හිතන තරම් ලේසියෙන් මේ සම්බන්ධයට කැමති වෙයි කියන්න අමාරුයි..
මොකද නිර්මල නෙවෙයි එදා නාථ වුනත් බලෙන්ම එයා එක්ක ඇවිත් පබසරගේ දෙමව්පියන් මුන ගැහුනත් විසුකාගේ ප්‍රතිචාරය වුනේ එකම දෙයයි..
"මං මේ සම්බන්ධයට නම් කොහෙත්ම කැමති නෑ පුතා.. තරහා වෙන්න එපා මට ඉන්නේ එක දරුවයි.. මම එයාගෙන් බලාපොරොත්තු වුනේ මෙහෙම දෙයක් නෙවෙයි.."
විසුකා ඒ කියද්දි බුද්ධික දාගෙන හිටපු කන්නාඩිය ගලවලා අතට ගත්තේ තාමත් එයාට කතා කරන්න අවශ්‍යතාවයක් කොහෙත්ම ආවේ නෑ කියන්නද.. ඒත්,
"බුද්ධික ඔයා ඇයි කට වහගෙන ඉන්නේ? "
" මට දැන් කතා කරන්න ඕන කමක් නැති නිසා විසුකා"
නිර්මලගේ ඇස් දෙක ඒ වෙලේ දුවගෙන ගියේ බුද්ධික ලගට.. හරියටම කිව්වොත් එයා දෙවිදියකට අදුනන ඒ අමුතුම චරිත ලක්ෂන තියෙන කෙනා ලගට.. එක අතකින් බුද්ධික කියන්නේ නිර්මලගේ මනෝ චිකිත්සකවරයා.. තව අතකින් එයා දැන් තමන්ගේ කර ගන්න වීර්ය ගන්න ඉරණම්කරුගේ පියා..
ඒත් තාමත් නිර්මලට දකින්න ඕන වුන රූපය නම් ඒ අහලකවත් හිටියේ නෑ..
"ඒ ඇයි?"
"ඕන වෙලාවෙදි මම කතා කරන්නම් විසුකා..ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා ඔයා ඔයාට හිතෙන දේ කියන්න.. මං මට කතා කරන්න ඕන කෙනත් එක්ක කතා කරන්නම්"
තමන්ගේ මනෝභාව ඉඩකඩට අනවශ්‍ය විදිහට විසුකා ඇතුල් වුන නිසාමද මන්දා ඒ වචනයත් එක්ක බුද්ධිකගේ ඇස් ලාවට රැලි වුනා. ඒත් නීර්මල නෙවෙයි ඒ කියන කරන කිසි දේකට කලබල වුනේ.. ඉතින් පබසරගේ අම්මා,
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.