59 වන පරිච්ඡේදය

4.3K 864 257
                                    





පබසර ඒ කිව්වේ අඩුම සීට් බෙල්ට් එක ගලවන්නවත් හිතලා නැතුව.. ඉතින් දැන් එක්කෙනෙක් කලබලේ.

"ආහ්?? එහෙම වෙන්න බෑ ඔහොම ඉන්න මං බලන්න!"

පලාතටම ලයිට් තිබිලත් ඇයි එයාලට විතරක් නැක්තේ බලන්න ඔන්න මාණික්‍ය පට ගාලා වාහනයෙන් බැහැලා ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එකත් දා ගත්තා.

"උබලා ගෙව්වේ නැද්ද දන්නේ නෑ"

"ගෙව්වා බං! මෙන්න මේක අල්ල ගන්න"

පබසර ඉනට අත් දෙකත් තියාගෙන ඒ අහද්දි මාණික්‍ය ෆෝන් එක එයාටම දීලා ගේට්ටුව තල්ලු කරගෙන ගිහින් ඇරියා.

"අංකල් මං ගේට් එක අරින්නම් ඔයා වාහනේ දාන්න"

ඉතින් දැන් මාණික්‍ය විතරක් නෙවෙයි පබසර යි මනරුත් බැහැලා.

"මනරු අපේ අයියාට කෝල් එකක් ගන්න බලන්න"

"ආහ් ඉන්න බලන්න"

කොහොම කොහොම හරි කලුවරේම ගේට්ටුවත් ඇරලා කල්පට වාහෙත් ඇතුලට දාන්න උදව් කරාට පස්සේ මාණික්‍ය ගෙදර දොර ගාවට යන ගමනෙම මනරු අරන් දීපු කෝල් එක කනේ තියා ගත්තේ යතුර තිබ්බ තැන දෙකට තුනට නැමිලා හොයන අතරේ.

"හෙලෝ පොඩි අයියා ඔයා කොහෙද?

"මං මාණි එලියට ආවා ඇයි what happened?"

"ආහ් මේ ගෙදර ලයිට් දාලා නැති නිසා ඇහුවේ.. ලොකු අයියා ඉන්නවනේ?"

"ආ එයත් මාත් එක්ක ආව්නේ මාණි"

රක්ෂිත ඒ කියද්දිම මාණික්‍ය හැරිලා බැලුවේ වාහන අංගනය දිහා. එතනන නම් රක්ෂිත ගේ රටක් වටින Range Rover එක තිබ්බ විදිහටම තියෙනවා. නිර්මලගෙත් එහෙමයි.. දැන් කල්ප ඇවිත් අනිත් වාහනෙත් නවත්තපු නිසා දෙක තුනම එක පේලියට තියෙනවා..

"ඒ කොහොමද මෙතන ඔයාගේ vehicle එක තියනවනේ?"

දැන් මාණික්‍ය සැකෙන් සැකෙන් ගෙදර දොරකඩ ලගට ඇවිදන් ඇවිත් ඉවරයි.

"ආහ් අපි බබා exercise එකටත් එක්ක පයින්ම ආවනේ"

"කොහෙද?"

"අර පොඩි මස්සිනාගේ කිරි දානයක් තියෙනවානේ ඒකට"

කිරි දානේ කෙසේ වෙතත් දැන් තමන්ට පේන හරියත් නැති වුනා වගේ වැඩක් ඒ වචන ටික ඇහුන ගමන් වුන එකෙන් මාණික්‍ය අන්ධයෙක් වගේ ඉස්සරහා අත පත ගාන්න ගත්තේ මනරු එයාගේ ඇස් දෙක වහපු නිසා.. ඉතින් මනරු ඇස් වලින් ඉගිකරන ගමන් පබසරට දෙයක් කියද්දි එයා ගිහින් දොර ඇරියොත් වගේ මහ සද්දෙන් party popper එකක් මාණික්‍යට උඩින් පුපුරලා මුලු පලිතම දිලිසෙන චුටි චූටි කොල කෑලි වලින් වැහෙන්න මහ වෙලාවක් ගත්තේ නෑ.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now