41 වන පරිච්ඡේදය

6K 1.1K 457
                                    





නිර්මල බඩ කොර වෙනකල් හිනා වෙන්න ඇති. මනරු හිටියේ හත් ඉලව්වට ගහපු කලාබරේ වගේ මූන හදන්. මාණික්‍ය නම් පොඩ්ඩ ඇත්නම් කන් වහගන්නවා. ඉතින් පබසර සබය හෙබෙව්වේ මනරුවයි මාණික්‍යවයි අල්ලෙ තියාගෙන.

කොහොම හරි ඔය විදිහට practice නැති දවස් වලට අවුරුදු කාලේ වුනත් දෙන්නා ගෙදරදි practice කරා. ඉස්කෝලේ practice තිබ්බා කියලා නෑ මනරු හැම වෙලේම මාණික්‍ය එක්කම හිටියා.. ඒ එක්ක සමහර දවස් වලට මනරුගේ කැමරාවත් තනියට ආවා කිව්වොත් හරියටම බැලුවම දැන් මනරු ලග මාණික්‍ය ගැන කතාවක් ලියන්න තරමට ඡායාරූප ඕන තරම්.

මේ අතරින් පතර රක්ෂිත එයාට පුලුවන් පුලුවන් වෙලාවට මාණික්‍යට කතා කරලා නිර්මල ගැන විස්තර අහනවා වගේ නිරමලට කතා කරලා මාණික්‍ය ගැන විස්තර අහනවා.. ඉතින් නිවාඩුව ඉවරයි.. දැන් ඉස්කෝලේ යන්න ඕනේ.. එතකොට අර වවාගත්ත කොන්ඩ රැවුල් සේරම ගානකට කපලා ආයෙම සුචරිවත් චරිත විදිහට හැමෝම ඉස්කෝලේ එද්දි නිවාඩු කාලේ තිබ්බ මානසිකත්වය ගලවලා පැත්තකින් තීයන්න වුනා..

ඒ කොහොම වුනත් cricket team එකට මේ දවස් ටික කියන්නේ අනිත් කාටවත් වඩා කාර්යබහුල වෙහෙසකර කාලයක්.. ඉස්කෝලේ පටන් අරන් සති දෙකක් විතර ගියාට පස්සේ පුහුනු වාර වැටුනේ එක ලග. මොකද ඊට පස්සේ සතියේ හැමෝගෙම අවධානේ ලැබෙන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය පටන් ගන්නවා. මේක හුදෙක්ම big match සංස්කෘතියෙන් එහා ගිය එකක් වුනේ big match සංස්කෘතිකය ඇතුලේ හමුවෙන එකම පාසල් පෙලගැස්ම මෙතන නැති නිසා.

ඉතින් මේ දවස් වල කාගෙත් අවදානය ලැබිලා තියෙන්නේ Cricket team එකට. ඒකේ සමාජයන්ට.. කොහොම හරි හොඳටම හෙම්බත් වුන දවසක පුහුනුවීම් ඉවර වෙලා මාණික්‍ය මනරු ලගට ආවේ හතර ගාතෙන්. දැන් රෑ කලුවර වැටිලා තියෙන නිසා ග්‍රවුන්ඩ් එකේ මැයි ගහ යට වැඩිය කාටවත් ඇස ගැටෙන්නේ නැති නිසාමද කොහෙද ආපු ගමන් පඩියක දිගා වෙලා මනරුගේ ඔඩොක්කුවෙන් එයා ඔලුව තියා ගත්තා.. ඉතින් පබසර සුපුරුදු පරිදි මුර සේවයේ.

"මහන්සියි නේ..?"

මාණික්‍යගේ කොන්ඩේ දාඩියට මොන තරම් තෙත් වෙලාද කියන්න තාම මනරුගේ පාසල් නිල ඇදුමට තේරුනේ නෑ.. ඒත් එයා තෙත් වුන කොන්ඩ කෑලි පස්සට කරලා මාණික්‍යගේ නවල මතු කර ගත්තා..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now