73 වන පරිච්ඡේදය

4.3K 836 164
                                    




තිබුනු කුතුහලයට අන්තිමට උත්තරයක් ලැබුනත් ගමනාන්තයේ අවසානයක් වෙනකල් ඒ අතරමග වැඩි වෙන හදගැස්මට පිලියමක් දෙන්න මාණික්‍යට කලින් සදහන් කරපු තැනට යනකල්ම අසමත්.

"Sir your key"

ඉතින් මනරු සද්ද නෑ.. මාණික්‍ය කිව්වත් වගේ ගලදාරී එකට ඇවිත් එයත් එක්කම ඇතුලට ගියේ හරිම සමාන්‍ය විදිහට. බලන් ඉන්න ඕන කෙනෙක්ටත් ඒ දෙන්නගේ අනවශ්‍ය වෙනසක් පේනුනෙත් නෑ..

"Thanks"

එක අතකින් යතුර අරන් මාණික්‍ය මනරුට ඉස්සරහා වෙන්න කියන්න ඇස් වලින් ඉගි කරද්දි එයා උඩට යන්න තියෙන සෝපානය දිහාවට මතක හැටියට ඇවිදන් ගියා.. ඒ ගිහින් එයාලට අවශ්‍ය මහලට ආවත් වගේ මාණික්‍ය මනරුගේ අතින් අල්ලන් යතුරේ සදහන් අංකය සහිත කාමරය ලග නතර වුනේ එයාගේ අතේ තිබුන පොඩි පෙට්ටිය සාක්කුවට දාගෙන..

මනරු ඒ මොකක්ද කියන්න දන්නේ නෑ.. ඒත් එයා ඒ ගැන ප්‍රශ්න කරන්න ගියෙත් නෑ..

"ඇතුලට යන්න"

වැඩි කතා බහක් නැතුව මාණික්‍ය ඒ කියලා මනරුට ඉස්සරහා වෙන්න කියලා එයත් ඇතුලට ඇවිත් දොර වහ ගත්තේ නිකන් නෙවෙයි.. අමුතුම හිරිය කින් ඇගම වැහිලා යද්දි..

"මාණික්‍ය.. ඇයි අපි මෙහෙට ආවේ-"

මනරුගේ හිත අස්සේ කැකෑරුනු ප්‍රශ්නය.. ඒත් වාක්‍ය අවසානයේ ප්‍රශ්නාර්තය දාන්නත් කලින් මාණික්‍යගේ අත් මනරු වටේට ගිහින් එයාව පිටි පස්සේන් වැලදගත්තත් වගේ ඒ ප්‍රශ්න හැම දෙයක්ම නතර වුනා..

"ආවේ ඇයි කියලද අහන්නේ.."

නෑ.. මනරුගේ පපුව ගැහෙන වේගය එයාට දැනටමත් ඒකට උත්තරය දිලා හමාරයි.. මාණික්‍යගේ කලබලයක් නැති තොල් එයාගේ කන් පෙත්තක් හිමිහිට තද කර ගනිද්දි මනරුට පන නැති තරම්.. ඒත්,

"මාණික්‍ය. හ්.."

"ම්.."

"ම්. මං කෑගහයි.."

මනරු ඒ වෙනකොටත් හිටියේ මාණික්‍ය එයාගෙන් හොරකම් කර ගත්ත සිහියට විකාරෙන් වගේ..

"ඒකට අවුලක් නෑ මනරු.. අපිව කාටවත් ඇහෙන්නේ නෑ"

ඉතින් ඒ ක්ෂනයෙන් මාණික්‍ය දිහාවට මනරූ හැරුනා කිව්වොත් හිතේ ඉපදෙන හැගීම අවුස්සන අර මොකක්දෝ මන්දා එකට එයා මාණික්‍යගේ තොල් අල්ල ගත්තේ තාමත් ආපු තැනම හිටගෙන ඉද්දි...ඒ නිසාම මන්දා මාණික්‍ය එකට ගැටෙන තොල් වෙන් නොවෙන්න වග බලාගෙන දෙන්නත් එක්කම කාමරය ඇතුලට ගියේ..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now