45 වන පරිච්ඡේදය

5.4K 1.1K 584
                                    




මනරු ඒ කියද්දි මාණික්‍ය තරවටුවට බය වුන පොඩි එකා වගේ එයා දිහා බලන් හිටියා.. ඒත් මෙච්චර වෙලා ෆෝන් ඒක දිහා බලන් හිටපු පබසර අර අන්තිමට ඇහුන වචන ටිකත් එක්ක කටත් බාගේට ඇරන් දෙන්නා දිහා බලාගෙන ලෝකේ මැවුම් පාලක දෙවියෝ එයාට කරලා තියෙන අසාධාරනේ ගැන මනසින් මෙනෙහි කරන්න ගත්තා තමයි.. හැබෙයි,

"උබලා දන්නවද ඕවා හෙන පව් වැඩ ඈ! මේ තනිකඩයෙක් ලග තියාගෙන ඔහොම පෙම් බස් ගාල් කරන එක නම් මං තරයේ හෙලා දකිනවා!"

ඇදේ පත්තට හේත්තූ වෙන ගමන් මනරුගේ කකුලටත් පාරක් දීගෙන පබසර එයාගේ දුක වේල්ල ඇරියා වගේ කියවන්න ගත්තා.

"ආ.. මං දැන් උබ මෙතන හිටියා කියලා සිල් රකින්න ඕනේ ද?"

"ආහ්හ්හ්හ්හ්!! උබලා මගේ ඉස්සරහා නැතුව ඕන මගුලක ගිහින් සිල් නෙවෙයි විදුරු සංස්ථාවම බින්දට මට කමක් නෑ!"

එතන දැන් එකම නඩුවයි. පබසර හෝ ගාලා තමන්ට වෙන අසාධාරනේට තනි කකුලෙන් නැගී ඉන්නවා. හැබෙයි කොල්ලා කියවන්න ගත්තත් වගේ මනරු අල්ලන් හිටපු මාණික්‍යගේ අත තේරෙන නොතේරෙන විදිහට අත ඇරියේ දොර පැත්තට තියා ගත්ත හොර බැල්මක් එක්ක.

"මොකද උබලා දැන් සද්ද නැත්තේ? ඒ පාර උබලට මාව වැලි පාක් එකේ සිකුරිටි කාරයා වගේ පේනවද! ඇයි ඉතින් ඌනේ එතන ඉන්න කපල් ලව් කරන්න ගත්ත වෙලේ ඉඳන් පස්සෙන් පන්න පන්න එලවන්නේ!"

"සරා.. "

මනරු ඒ කිව්වේ කතාවට සහය වෙන්නවත් යාලුවට එයා වැලි පාක් එකේ සිකියුරිටි වගේ නෑ කියන්නවත් නෙවෙයි.. හැබෙයි එතන හොර බැල්ම..

"මොකෝ?? උඹ කටවහන් හිටපං! මේක හරි යන්නේ නෑ මට මේවා බලන් ඉන්නත් බෑ! මාණික්‍ය උබලගේ factory එකේ ඉන්න තංගමනි කෙනෙක්වත් මට සෙට් කරලා දීපං අඩුම මට තේ කොල පැකට් එකක් හරි දෙයිනේ!"

පබසර හිටු කියලා තංගමනිලා හොයනවා. ලෙඩා කියලා මතක නෑ ඒ අස්සෙන් කියව කියව මනරු ඔලුව තියන් හිටපු කොට්ටෙකුත් ඇදලා අරන් පිටට තියා ගත්තා.. හැබෙයි ඔය කියෙව්වත් දැන් මනරුයි මාණික්‍යයි දෙන්නම බලන් ඉන්නේ පබසරට උඩන් පිටිපසස්ට වෙද්දි හිතපු නැති වෙලාවක අතක් ඇවිත් පබසරගේ උරහිස උඩට ටිකක් තදින් වැටෙනකොට කොල්ලා අඩි ගානක් උඩ ගියා.

කස්තුරි සුවඳ ✓ Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα