"මනරු?"
ඉතින් මාණික්‍යට පුදුමයි.. විශ්වාස කරන්නත් අමාරුයි..
"ඔව් ඔව් ඌ තමයි.. ඒත් මචෝ.."
"ඒත් මොකක්ද?"
පබසර කල්පනාවට වැටෙන ගමන් මොනවද මන්දා කියන්න යන වෙලේ මාණික්‍ය ඒ ටිකට් එක අතට ගත්තා.
"උබ ඕකට යන්න එපා"
"ආහ්?? ඒ ඇයි..?"
මාණික්‍යගේ ප්‍රශ්නෙට දැනටමත් උත්තරේ එයාගේ ඉස්සරහා තියෙනවා වගේ පබසර කට හදා ගත්තේ. ඒකත් අන්ධ යාලුවගේ ඇස් පාදන්න තරම් රැවිල්ලකුත් දීලා..
"ඕකා ඔය ටිකට් එක දුන්නේ නිකන් කියලා හිතනවද?"
ඒත් මාණික්‍ය සද්ද නෑ..
"ඔය ගිහින් ඌ ආයේ මොකක් හරි උබේ හිත පාර-"
"එහෙම කියන්න එපා.."
හරියට වෙන්න තියෙන දේ දන්නවා වගේ මාණික්‍ය කතා කරේ..
"එහෙම කියන්නෙපා කියන්නේ යකෝ.. ඌ දැන්න ඉන්නේ කේන්තියෙන්"
"කවුද එයාව ඒ තැනට දැම්මේ..?"
ටිකට් එක ආයේම පබසරගේ අතට නොයන විදිහට පස්සට කරන් මාණික්‍ය මුල් පුරපු කතාව.. එයාගේ හෘද සාක්ෂිය කොයි වෙලෙත් මනරුගේ වියරු වැටුනු ඇස් දෙක දකින පාරට තමන්ට ඒත්තු ගන්වන දෙයක්.. වචනෙන් නොකිව්වාට මේ වේදන්වේ හඩ නොගාපු යථාර්ථය..
ඉතින් ඒ ගැන දන්න නිසාමද මන්දා පබසරත් කිසි වචනයක් කිව්වේ නෑ..
"එයාව එහෙම තැනකට දැම්මේ මම.. ඉතින් මට ඔය දේවල් භාර ගන්න වෙනවා පබසර.. ඒ දේවල් මට වෙන්න තියෙන දේවල්.. ඒකට මගේ කොල්ලට බැනලා වැඩක් නෑ.. බනින්න ඕනේ මට.."
"හ්ම්.."
පබසර අන්තිමට මුනිවතට ඉඩක් දීලා ඉදගත්තා කිව්වොත් එයා මාණික්‍යට කතා කරන්න කියලා ඒ දේවල් අහන් හිටියා..නිකන් දෙයක් නම් නෙවෙයි.. තමන්ගේ වැරදි පාපොච්චාරණයට ඉඩ දීලා..
"ඇත්තටම එදා මට මීට වඩා දෙයක් කරන්න කලබලේට ඔලුවට නාපු එක ගැන පසු තැවෙන්න නම් දේවල් ඉතුරු නෑ මං දැන් මගේ මනරුව රිද්දපු පව ගෙවනවා.. මං හරි ආසාවෙන් එයා රිද්දද්දි රිදවා ගන්නේ.. ඒකේන් මගේ මනරුට සැනසීමක් දැනෙනව ඇති.."
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.