90 වන පරිච්ඡේදය

5.8K 878 293
                                    









එතකොට ගෙදර ඉස්සරහම තිරිංග තද වෙන්න වාහනය එතනම නතර වුනා.. මොකද මනරු විශේෂනයකින් කිව්ව තෑග්ග.. මන්දා ඒක මාණික්‍ය ඒ මොකක්ද කියලා දැන ගත්තාද කියන්න.. ඒත්,

"මම ගේට් එක අරින්නම්"

මාණික්‍යගේ වික්ෂිප්ත වුනු මූන දිහා බලාගෙන අන්තිමට මනරු එතනින් එහාට වෙන කිසිම දෙයක් නොකියා වාහනයෙන් බැහැලා ගියේ නිනක් නම් නෙවෙයි.. මාණික්‍යගේ ඉන්නේ පහල තිබුනු සංවේදිම හැගීම් උපද්දන උල්පත දිගට අතක් ඇදගෙන යන ගමන් ඒ හැගීම් අවුස්සලා..

ඉතින්.. හදවතේ වේගය දැන් පිස්සු නටන වෙලාව.. ඊටත් මුලු ඇගම දැන් පාලනයකින් තොර වෙන්න දගලන වෙලාව..

කොහොම වුනත් එක ප්‍රශ්නයක්.. හිත කොනක කොනිත්තෙන ප්‍රශ්නයක්.. වාහනේ ඇතුලට දාලා මනරුව හොයාගෙන ගෙදර ඇතුලට අඩිය තියන ගානක් ගානේ හිතන ප්‍රශ්නයක්.. ඉතින්,

"මනරු.."

"ම්..?"

හොයපු රූපය නම් ඉන්නවා.. හරියට එයාව බලාපොරොත්තුවෙන් හිටියා වගේ විසිත්ත කාමරයේ මැද සෝෆා එකට ඇන තියාගෙන අත් දෙකත් පිටිපස්සට බැදන් මනරු එක එල්ලේ මාණික්‍ය දිහා බලන් හිටියේ.. ඉතින් ඒ බැල්මටත් මාණික්‍යගේ හැගීම් අවදි වෙන ඉක්මන..

"ඔයා.. ඇත්තටම රිද්ද ගන්නද හදන්නේ..?"

ඇග මොන පිස්සුව නැටුවත් ඒ හැම දේකටම කලින් මාණික්‍යට එක වුනේ මනරු.. මොකද හැගීම් මොන තරමින් ඇවිස්සුනත් එයා අතින් මනරුට රිද්දෙනවා නම්..

"ඔව්.."

අඩි කොහොමට ඉක්මන් වුනාද දන්නේ නෑ ඒ ටිකට මාණික්‍ය මනරු ලග..

"මනරු.. මට බෑ ඔයාට රිද්දන්න.. "

මනරු කිව්වට මාණික්‍යට ඒ මනරු ඉතිරිය කියන්න වෙලාවක් දුන්නේ නෑ..

"බොරුවට කෑගැහුවොත් කටේ කස්තුරි තියනවා මාණික්‍ය..!"

ඒ වෙනුවට එයාව සෝෆා එක උඩට තල්ලු කරපු මනරු ඒ කියන් මාණික්‍යගේ ඔඩොක්කුවේ උඩට ඇවිත් අර කඩුලු බිඳන් පන ගන්න ඇගත් එක්ක එකට ගැටෙන තරමටම මාණික්‍යට ලං වුනේ.. එයාට ඕන වුනේ නෑ ඒ නැගිටින හැගීම් මරලා දාන්න..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now