83 වන පරිච්ඡේදය

5K 874 355
                                    






ඩුප්ලිකේෂන් පාරේ කොනක් වෙනකල් වේගයෙන් නිර්මල එයාගේ වාහනේ අරන් ආවත් මාණික්‍ය ගේ සේයාවක් තියා අඩුම හෙවනැල්ලක්වත් එයාට පේන තෙක් මානයකින් හොයා ගන්න බැරි වුනා.. ඉතින් දැන් ගාලු පාර..

ඒත් කොහොමද.. මේ වෙලාවට වාහන නැති පාරක්ද.. කඩි වගේ කඩිමුඩියේ එහා මෙහා දුවන නා නා විධ වාහන මැද්දෙන් මංසන්ධි වල වුනත් නිර්මල වාහනේ නතර කරන් හිටියේ පුදුම පීඩනයකින් ඒ තත්පර ගානත් ඉවසන්න බැරි නිසා.. ඒත් දෙයියෝ එයා දිහා බලන් ඉඳල.. ඒ අතරින් පබසර එයා එක්ක දුරකතනයෙන් සම්බන්ධ වෙලා කිව්ව අනාවැකියට ලිබර්ටි සිංහයා ලගින් නිර්මල වාහනේ මැරයින් රෝඩ් එකට හැරෙව්වා. හැරෙව්වද නැත්තන් දෙයියෝ ඒ වාහනේ උස්සලා තිබ්බද..

දන්නේ නෑ කලබලේට නිර්මලට එයාගේ ප්‍රතිපත්තිත් අමතකයි.. ඉතින්.. බම්බලපිටියේ ඉදන් ඇදෙන දුම්රියක් හා සමාන්තරව වේගයටකට නිර්මල පැගුවේ ඇත්තටම එයාට ඕන වුනේ ඒ තරග වදින දුම්රියට කලින් වැල්ලවත්තට යන්න.

"නෑ.. නෑ.. මාණි!! plaeas no!!!"

වාහන අඩුයි.. මැරයින් රෝඩ් එකේ මේ වෙලාවට වාහන අඩුයි.. ඒ අල්පය නිසාමයි වැල්ලවත්ත දුම්රියපොළ හරියෙදිම තනි කෙලින් තියෙන පාරේ මාණික්‍යගේ වාහනය එයා ඈත තියලම දැක්කේ..

ඉතින් දෑන් නිර්මලගේ ඇගම රත් වෙලා.. ඊටත් ඈතින් දුම්රියත් සද්ද කරනවා ඇහෙද්දි එයා වාහනේ නතර කරන්න පාරේ අනිත් පැත්තට දාන්න හදනවත් එක්කම නිර්මල දැක්කේ පබසරව.. ඊටත් පස්සේ බලාපොරොත්තු නොවුනු කෙනෙක්..

"කෝච්චිය එනවා බලාගෙන!"

සේරටම කලින් නිර්මල ඒක මතක් කරා තමයි.. ඒත් පබසරට කලින් පොලොවට අඩිය තිබ්බ කෙනා දුම්රියටත් වඩා වේගවත්ද? මොකද ලග ලගම හෝන් හඩ ඇහෙද්දිත් ඒ කෙනා රේල් පාර පැනලා ඉවරයි. ඉතින් දුම්රිය යනකල් නිර්මලත් පබසරත් මුහුදු තීරයෙන් එහා පැත්තේ කොටු වෙලා..

ඒත් මාණික්‍ය.. එයා දන්නවද? දැනගන්නත් ඇහෙයිද? ඇහෙන්නත් සිහියක් තියෙයිද..?

මොකද දැනටමත්.. මේ වෙද්දිත් ඉනක් හරියට වෙනකල් මහ මුහුදේ රල අතරේ ගිලිලා හිටපු මාණික්‍යගේ කන් නම් වෙරලේ බිදෙන රැලි දෙන හඩන් ඇරෙන්න අනිත් බාහිර හඩකට බිහිරියි.. ඒත්,

කස්තුරි සුවඳ ✓ Tahanan ng mga kuwento. Tumuklas ngayon