කවදාවත් නැතුව මට හොඳටම නින්ද ගිහිල්ලා.ටෂ්මිත් නොකියම වැඩට ගිහින් තිබුණ නිසා කියාගන්න බැරි පාළුවක් මට දැනුනා.ගෙදර දොර අස් පස් කරලා ටවුමට ගියේ අද ළමා නිවාසෙට යන්න ඕන නිසා.ඕනෙ කරන බඩු ටිකත් අරගෙන ගෙදරට එද්දි දෙව් අක්කාගෙ කාර් එක දැකපු නිසා මගේ මූණෙ ඉබේම හිනාවක් ඇති වුණා.
මම ඇතුළට යද්දි දෙව් අක්කා කකුලත් උඩ දාගෙන කාර්ටුන් එකක් බලනවා.
"අනේ අනේ අක්කේ ඔයා ඔහොමද මට උදව් කරන්නෙ අද?"
"ආ සුද්දී ආවද ඔයා ,මොනාද කරන්න ඕනෙ පොඩි හෙල්පක් දෙන්නම් ඉතින් "
"ම්ම්...ඔයා සිරී අම්මාට තෑගි ඔතන්න උදව් කරන්නකො"
මම අක්කගෙ උදව්වෙන් ගෙනාපු සෙල්ලම් බඩුයි පොතුයි උස්සගෙන සාලෙට ආවා.සිරී අම්මටයි අක්කටයි ඒ වැඩේ කරන්න ඉඩ දීලා මම ඊළගට ආවෙ කෑම ගැන බලන්න.
මම කේක් එක හදන්න ලෑස්ති වෙද්දි මට දැනුනා කවුරු හරි මං දිහා බලන් ඉන්නවා වගේ.මම හැරිලා බලද්දි අක්කා මූණත් එල්ලගෙන බලන් ඉන්නවා.
"මොකෝ මේ?"
"අනේ සුදූ මට බෑ හලෝ ඒක කරන්න "
"හයියෝ මට හිතුනා එක තැනක ඉන්න බැරි කෙනාටනෙ මං වැඩේ බාර දුන්නෙ?"
මම එයාට කේක් එක බීට් කරන්න කියල දුන්නෙ එයාට කරන්න පුලුවන් එකම දේ ඒක කිව්ව නිසා.
"අක්කේ ඔයා එක්ක බෑ හලෝ ඔයා ඕක බීට් කරනවට වඩා කනවා නෙ"
"නෑ නෑ සුද්දි චුට්ටයි නෙ "
දහ පාරක් විතර එකම කියලා මටත් එපා වුණා.පොඩි එකෙක් එක්ක වැඩ කරනවට වඩා අන්තයි මේ අලි බබා එක්ක වැඩ කරද්දි.
"සුද්දී ඉවරායී....."අක්කා එක පාරටම කෑ ගැහුවෙ කුස්සිය දෙවනත් වෙන්නම.මූණෙන් පෙනුනෙ මහන්සි පාටක්.හරියට මහ ලොකු වැඩක් කරලා වගේ. ඒ මදිවට කොණ්ඩෙ දාඩිය නිසා මූණට ඇලිලා. තැනින් තැන කොණ්ඩ කෑලිවල පාන්පිටි තැවරිලා.
"ඇයි හිනා වෙන්නෙ?"පොඩ්ඩක් විතර අක්කා මං දිහා රවලා බලද්දි මම හිටියෙ හිනාවත් හිර කරගෙන.
"නෑ බලන්නකො හැටි සත්තු වත්තෙන් පැනලා වගේ පිටි නාගෙන"
"කෝ කෝ "එපාර හතර වටේම කැරකෙනවා.
YOU ARE READING
පින්සාර║Gl║
Short Storyඅන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිමදා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා... ☺️❤️