ජනෙල් රෙදි අස්සෙන් රිංඟන මලානික එළියට ටෂ්මිගෙ මූණ දිළිසෙනවා.මූණට වැටුණ කොණ්ඩ කැරැල්ලක් කන අස්සෙ රඳවලා මම ටික වෙලාවක් ටෂ්මි දිහා බලාගෙන හිටියෙ මූණෙ ඇඳුනු හිනාවත් එක්කම.
"ඔයා මගේ නොවුනට මම ඔයාට ආදරෙයි ටෂ්.සමාවෙන්න නොකිය ආදරේ කරනවට."
මම ටෂ්මිව ඇහැරවන්නෙ නැතුවම පහළට ආවෙ එයා කන්න ආස කෑමක් හදන්න හිතාගෙන.
"දෝණි මොනාද හදන්න ලෑස්ති වුණේ ?"
ළිප උඩ දුම් දාන කේතලය පරිස්සමින් අරගෙන මම අත්‍තම්මා දිහාවට හැරුණා.
"ම්ම්...ඉඹුල් කිරිබතක් හදන්න කියලා බැලුවෙ අත්තම්මේ"
"ඒක හොඳයි සිරීට කියලා හදවගත්තා නම් ඉවරයි නෙ කෙල්ලෙ."
"සිරී අම්මාගෙ කෑම හැමදාම කනවනෙ අද මම හදන්නම්කො අනේ"ඇස් දෙකත් ලොකු කරගෙන මම එහෙම කිව්වම අත්තම්මා හිනා වෙලා ඔලුව වැනුවා.
"හොඳයි ඉතින් පොඩි එකීගෙ ආසාවනෙ."
වත්තෙන් කෙසෙල් කොළයක් කඩාගෙන කුස්සියට එද්දි ටෂ්මි කකුල් දෙකත් පද්ද පද්ද මේසේ උඩ වාඩිවෙලා ඉන්නවා.
"ඔයා අද යන්නෙ නැද්ද ?"මූණත් පැත්තකට බර කරගෙන භාගෙට ඇස් පියාගෙන කතා කරන ටෂ්මි දකිද්දි මට හිනා ගියා.
"ම්ම්...නෑ නෙ මම ගියොත් ඔය සමහර අයට ටී ශර්ට් එකක්වත් ගලවගන්න බැරි වෙනවා නෙ."
"අහ්...හරි හරි"
"කෝ අපෝ කම්මැළියා ගිහින් මූණ හෝදගෙන එන්න කිරි තේකක් හදලා දෙන්නම්"
"මට බෑ.මගේ අතක් කැඩිලා නෙ"
"අනේ මේ විකාර එක අතයි නෙ කැඩුණෙ අනිත් අතෙන් මූණවත් හෝදගන්න බැරිද යන්න යන්න කෝ ඉතින්"
"ඉන්න යනවා ඉතින් අපෝ මහ නරකයි ඔයා නම්" මූණත් ඇඹුල් කරගෙන නාහෙන් අඬ අඬ එයා යද්දි මම මගේ වැඩේ කරන්න පටන් ගත්තා.
"ම්ම්....සුවඳයී..මොනාද හැදුවෙ ?"කිරි තේ එක තොල ගාන ගමන් ටෂ්මි ඇහුවා.
"ඉඹුල් කිරිබත් "
"ඉඹුල් කිරිබත් ම්ම්ම්...රස පාටයි බඩගිනී කවන්නකෝ"
YOU ARE READING
පින්සාර║Gl║
Short Storyඅන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිමදා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා... ☺️❤️