05

188 40 72
                                    

"අයිශූ"කටහඬේ අයිතිකාරයා කවුද කියලා බලන්න මම පිටිපස්ස හැරුණා.කාලෙකින් පස්සෙ එයා දැක්කම දැනුන සතුටට මම දෙපාරක් නොහිතම එයාව බදා ගත්තා.

"දෙව් අක්කා"

"ආ...ව් හුස්ම ගන්න බෑ සුද්දී.."

"අනේ කවදද ඔයා ආවෙ?කෝ මට චොක්ලට් අරගෙන ආවෙ නැද්ද ?දැන් ගොඩක් වෙලාද ඇවිත්?නෑනෙක් ගෙනාවෙ නැද්ද මට?"

"අනේ අනේ දැන් මොකටද මම මුලින් උත්තර දෙන්න ඕනෙ ?අවුරුදු 24 වුණත් එදා දැකපු පොඩි කෙල්ල වගේනෙ තාමත්"දේව් අක්කා කිව්වෙ මගේ නහයට පොඩි තට්ටුවක් දාලා.

"මොකක් නැතත් කමක් නෑ චොක්ලට් ටික තිබ්බොත් ඇති හරිද?"

"අපෝ ඔයාට මල්ලක්ම ගෙනාවා පෙරේති"අක්කා බංකුවෙන් වාඩිවෙලා මටත් වාඩිවෙන්න කිව්වා.

"සුද්දී දැන් නම් ගොඩක් ලස්සනයි උස්සන් යන්නමයි හිතන්නේ"

"හේ හේ මම කෝමත් ලස්සනයි තමා හුම්ම්...ඔයා නම් හිටියටත් වඩා කොලු පාටයි.කොල්ලෙක් වගේමයි දැන්.ඔව් ඉතින් ටෂ්ගෙ අනිත් භාගෙනෙ"

"එහෙම තමයි ඉතින්.අපි කොල්ලොන්ට වඩා හැන්ඩ්සම් "

"ඔව් ඔව් රැව්ලක් විතරයි අඩු"

දෙව් අක්කා කියන්නෙ ටෂ්මිගෙ පන්තියේ හොඳම යාලුවා.එයාලා දෙන්නම මට වඩා අවුරුද්දක් විතර වැඩිමල්.ටෂ්ට පස්සෙ මට ගොඩක් ළං වුණේ අක්කා තමයි.

"අක්කේ ටෂ් දන්නවද ඔයා ආවා කියලා."

" ඔව් සුද්දි ඔය සිතුනිත් හිටියෙ.ගැරඬි දෙන්නෙක් වගේ වෙලිලා"

"හ්ම්.."මම හිනා වෙලා අහක බලා ගත්තා.

"සුද්දී ඕක කොච්චර කාලෙකට හංඟන් ඉන්නද ම්ම්..."

"ම්..මොකක්ද ?"

"මම දන්නවා ඔයා අරකිට ආදරේ කියලා."

"අහ්...ඒක මාත් එක්කම මැරිලා යයි අක්කේ.ආස හිතෙන මලක් අනුන්ගෙ වත්තක පිපුනම ඒ මල දිහා බලන් ඉන්න විතරයි පුලුවන් "

"හැබැයි ඔය කියන මල නම් ඔයාගෙ වත්තෙමයි පිපුණෙ"

"ඔව්...ඒත් කොච්චර ආදරේ කරත් ඒ මලට ආදරේ දැනෙන්නෙ නෑ නෙ අක්කේ...ආදරය කියන්නෙ දැනෙන්න ඕනෙ දෙයක්.කියලා කරලා පෙන්නුවට වැඩක් නෑ"

පින්සාර║Gl║Waar verhalen tot leven komen. Ontdek het nu