08

234 42 59
                                    

සවන්මිගෙ උපන්දින සාදය ලෑස්ති කරලා තිබුණෙ හෝටලයක.කාර් එකෙන් බැහැ ගනිපු මට හිනා ගියේ සයිඩ් කණ්නාඩියෙන් බල බල කොණ්ඩෙ හදන දෙව් අක්කාව දැක්කම.

"අයියෝ අක්කේ ලස්සනයි ලස්සනයි ඔයා ඔය ඇති"

අක්කා කොණ්ඩෙ හදන එක නවත්තලා හැරිලා බැලුවෙ ලස්සන හිනාවකින්.

"ලස්සනයි කියලා දන්නවා හුම්.."

"හරි හරි උඩ යන්නෙපා ඉක්මනට බිමට බහින්න"

"බෑ බෑ අද උඩ ඉන්නෙ.ඒක නෙමෙයි සුද්දී "

"මොකක් ද?"අක්කාගෙ හිනාව නැතිවෙලා යද්දි මම ඇහුවෙ එක පාරටම මෙයාට මොකක් වුණා ද කියලා හිතාගන්න බැරුව.

"ඔයා මට පොරොන්දු වෙන්න මොන දේ වුණත් හිනා වෙලා ඉන්නවා කියලා"

" උත්සහ කරන්නම් ඒක රකින්න.ඒත් එක පාරටම ඇයි ?"

එයා ටික වෙලාවක් මම දිහා බලාගෙන ඉඳලා ලොකු හුස්මක් ගත්තා.

"ඔයාට ගැළපෙන්නෙ හිනාව විතරයි ...ම්ම්ම්...දැන් යමුකො"අක්කා අත දික් කරද්දි මම එයාගෙ අතින් අල්ලගත්තෙ ලැජ්ජාවෙන්.අපි දෙන්නා හෝටලය ඇතුළට එද්දි සවන්මි අපි ළඟට දුවගෙන ආවා.

"අනේ දෙව්ලි...උඹ එයි කියලා හිතුවෙ නෑ බන්."

"නෑවිත් කොහොමද ඉතින්"හිනා වෙවී කතා කර කර හිටපු සවන්මිගෙ ඇස් නැවතුනේ පැටලිලා තිබුණ අපේ අත් ළඟ.අමුතු හිනාවකින් සවන්මි මම දිහා බලද්දි මම ඉක්මනට අක්කගෙ අත අත ඇරියා.

"අහ්ම්...අහ්ම්..දෙව්ලි උඹට ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා දන්නෙ අද නෙ.කවුද මේ?හොඳට දැකලා පුරුදුයි ඒත් ඔලුවට එන්නෙ නෑ කවුද කියලා"

දෙව් අක්කා මෙච්චර වෙලා හිර කරගෙන හිටපු හිනාව එළියට පැන්නෙ ඒ වෙලාවෙදි.

"අයියෝ සවන්මි අක්කේ මේ මම හලෝ අයිශු"

"අඩෝ නෝ අයිශු නගා පොෂ් වෙලානෙ"

"මම තමයි පොෂ් කරලා ගත්තෙ"

"එල එල මචෝ...ටෂ්මිලා නම් තාම ආවෙ නෑ ඉතින්.ඔය ඩබල වාඩිවෙන්න එහෙනම්."

දෙව් අක්කා යාලුවො එක්ක කතා කර කර ඉන්න අතරෙ මගේ ඇස් නැවතිලා තිබුණෙ දොර ළඟ.ටෂ්මි දැන් එයි දැන් එයි කියලා හිතලා මම මග බලාගෙන හිටියෙ එයා එනකන්.

පින්සාර║Gl║Where stories live. Discover now