06

177 42 53
                                    

මාසයක් තිස්සෙ පාසල් අවසාන වාර විභාගයෙ වැඩවලට හිර වෙලා හිටපු මට නිවාඩු ලැබුණෙ ඊයෙ.ටෂ්මිගෙ අතත් හොඳ නිසා එයා සුපුරුදු විදිහට වැඩට යන්න පටන් ගත්තා.අත්තම්මාත් දවස දෙක තුනකට ටෂ්මිගෙ පුංචිගෙ අම්මගෙ ගෙදර ගියපු නිසා මේ විශාල බංගලාවෙ මගේ තනියට හිටියෙ සිරී අම්මා විතරයි.

උදේ පාන්දරම සිරී අම්මටත් කලින්ම නැගිටලා කෑම හැදුවෙ ටෂ්මි අද ටිකක් කළින් යන්න ඕන කිව්ව නිසා.එයා ආසම විදිහට කෙසෙල් කොළේ බත් මුලකුත් බැඳගෙන බලාගෙන හිටියෙ ලෑස්ති වෙලා එනකම්.

"ටෂ් කාලා යන්නෙ නැද්ද?"මම පුදුමෙන් වගේ බැලුවෙ මම දිහා බලන්නෙවත් නැතුව ෆෝන් එකේ සිහියෙන් යන ටෂ්මි දිහා.

"නෑ දැන් පරක්කුයි."

"ආ බත් එක එහෙනම් "

"ඕන නෑ සිතූ කෑම ගේනවා කිව්වා"

"මොකක් ඒත් මම ....අහ් හරි කමක් නෑ මේ බත් එක කාට හරි දෙන්න පාරෙ ඕන තරම් කන්න නැති පොඩි ළමයි ඉන්නවා නෙ"මම යාන්තමට හිනා වෙලා බත් මුල ටෂ්මිගෙ අතටම දුන්නා.

"මම යනවා"

"ටෂ්"

"එපාර මොකද?"එයා ඒක ඇහුවෙ ටිකක් තරහින්.

"පරිස්සමින් යන්න"

"හ්ම්..."මම දොර ළඟට වෙලා බලාගෙන හිටියෙ නොපෙනී යන ටෂ්මිගෙ කාර් එක දිහා.මාසයක් තිස්සෙ ටෂ්මිගෙ මේ වෙනස මට තදින්ම දැනුනා.වැඩත් වැඩි නිසා ඒ ගැන හිතන්න තරම් වෙලාවක් තිබුණෙත් නෑ.

"දෝණියි ලොකූයි තරහ වෙලා ද?"මම පිටිපස්ස බැලුවෙ සිරී අම්මගෙ කටහඬට.

"එහෙම නෙමෙයි සිරී අම්මේ එයාට මේ දවස්වල වැඩ වැඩියි නේ."

"අනේ මන්දා දෝණී බත් එපා නම් කළින් කියන්න තිබුණා නෙ.දෝණිත් බොරුවට උදේ පාන්දර නැගිට්ටා.තා ටිකක් නිදාගන්න තිබුණා දෝණිට."

"ඒකට කමක් නෑ සිරී අම්මේ"

"කොහොමත් ලොකූගෙ මේ වැඩ පිළිවෙල නම් මට අල්ලන්නෙ නෑ.උදේම යනවා රෑ වෙලා ගෙදර එනවා.දෝණිටත් නින්දක් නෑ"

"හ්ම්ම්...එයා අලුත් ප්‍රොජෙක්ට් එකක් භාරගෙන නෙ සිරී අම්මේ.ඒ හින්දා වැඩ වැඩිවෙලා වෙන්න ඇති"

පින්සාර║Gl║Where stories live. Discover now