02

214 39 18
                                    

අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් ...
අමතක වෙන්නෙ නෑ කිසිමදා...
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්...
එය මට වැඩිය ඔබ දන්නවා...

සීතල සුළඟට මගේ අකීකරු කොණ්ඩ කැරලි දඟ කරද්දි මම අන්තිම පද දෙක කිව්වෙ ටෂ්ගෙ ගැඹුරු ඇස් දිහා බලාගෙන.

"වාව් ඒක ලස්සනයි කෙල්ලෙ"

ටෂ් එහෙම කියද්දි මම යාන්තමට හිනා වෙලා රෑ අහසෙ තනි වුණ අඩ සඳ දිහා බැලුවා.අද හඳ තනි වෙලා.වෙනදට හඳ ළඟින් ඉන්න නිල් පාට පුංචි තරු අද පේන්නවත් නෑ.මම රෑ අහසෙ අතරමං වුණ නිසා ටෂ් මගේ ළඟට ආවා කියලවත් දැක්කෙ නෑ.

"අද තරු නෑ නේද අයිශු?"

"හ්ම්..."

ප්‍රේමණීය හැඟීම් දලුලන සීතල රාත්‍රියක ඒ සීතල උපරිමයෙන් විඳගන්න මම ටෂ් එක්ක හෝරාවක් පමණ බැල්කනියට වෙලා හිටියා.

"අයිශු හඳ පව් නේද ?එයා තනි වෙලා"

"ම්ම්...නෑ ඉර එයා ළඟ ඉන්නකම් එයා තනි වෙන්නෙ නෑ.දන්නවද කොච්චර තරු හඳ ළඟ පෑයුවත් දුරින් හඳ දිහා බලාගෙන හැමදාම ඉර එයාට හයියක් වෙනවා.ඒක පුදුම ආදරයක්"

"ඒත් ඒ ඉර හැමදාම හඳේ තනි මකයිද?"

"සමහරවිට...හඳට ඇත්තටම ආදරේ තරුවක් පායපු දවසට ඉර හඳව තනි කරයි.ඒත් ආදරය කියන්නෙ ලේසියෙන් අමතක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ටෂ්.එහෙම අමතක කරනවනම් ඒ ආදරේ ගොඩක් වේදනාකාරියි.එහෙම නැත්නම් ඒක බොරු ආදරයක්"

මගේ ඇස් තෙත් වුණේ මට නොදැනීම.මට ටෂ් දිහා බැලුනෙ ඉබේටම.එයා අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක.

"අයිශූ දැන්වත් කියන්න ඒ කවුද ඔයා ඔච්චරටම පිස්සියක් වගේ ආදරේ කරන කෙනා ?"🙂

එක පාරටම ඇහුව දේ නිසා මගේ ඇස් හැරුණෙ පහතට.ඒ ඇස් දිහා බලාගෙන මට බොරු කියන්න බෑ ඇත්ත කියන්නත් බෑ.

"ම්ම්..මේ එයා මනුස්සයෙක් "

"තමුසෙට මාව විහිලුවක් ද ඕයි"ටෂ් අත ගුලි කරලා අත් වැටට ගහපු පහර නිසා මම අඩියක් විතර පස්සට වුණා.

"ටෂ් මේ...ම"

"නෑ මුකුත් අහන්න ඕන නෑ "

"සොරි...මට ඒක කි...කියන්න බෑ..ඒක හිතේම තිබිලා නැති වෙයි"මම වචන ගළපද්දි ඉකියක් පිට වුණේ කඳුළුවලට කම්මුල් තෙත් කරන්න ඉඩ දීලා.ටෂ්මි අඩියට දෙකට මගේ ළඟට ඇවිත් මගේ කම්මුල්වලින් අල්ලගෙන හරිම පරිස්සමින් මගේ කඳුළු පිහිදැම්මා.

පින්සාර║Gl║Where stories live. Discover now