වෙලාව මධ්‍යම රාත්‍රි දොළහටත් ළඟ ඇති.නිදිබර ඇස්වලින් මම මග බලාගෙන හිටියෙ ටෂ්මි එනකන්.වෙනදට රෑ නවය වෙද්දි ගෙදර ඉන්න කෙනා රෑ දොළහ වෙනකනුත් නැති වුණාම අමුතු බයකුත් දැනෙනවා.
"දෝණි තාම නෑ නෙ මේ දරුවා"
"හ්ම් අත්තම්මා කෝල් ආන්ස්වර් කරන්නෙත් නෑ මේ මනුස්සයා.අත්තම්මා ගිහින් නිදා ගන්නකො අසනීප වෙයි සීතලට"
අත්තම්මාව බලෙන්ම කාමරයට යවලා පහළට එද්දි වාහනයක් එනවා ඇහුණ නිසා මම ඉක්මනට ගිහින් දොර ඇරියා.ඒත් ඒ හිටියෙ මම බලාපොරොත්තු වුණ රූපය නම් නෙමෙයි.
"ශිවා.." ශිවාගෙ පිටිපස්සෙ ඉඳලා හොර පූසෙක් වගේ ටෂ්මි ඔලුව දැම්මෙ ඒ වෙලාවෙදි.මම අත් දෙක හරහට බැඳගනිද්දි ටෂ් හෙමීට ඉස්සරහට ආවෙ බිම බලාගෙන.
ටෂ්මිගෙ එක අතක් වෙළුම් පටියකින් ඔතලා නළලත් හීරිලා කියලා දැක්කම මට මුකුත් හිතා ගන්න බැරි වුණා.
"ට..ෂ් මො..මොකද මේ?"බයටම මගේ කටහඬට වෙව්ලද්දි ටෂ් මම දිහා බලලා හිනා වුණා.
"හී...අයිශු බය වෙන්න එපා ළමයෝ මේක ඒ තරම් දෙයක් නෙමෙයි"
"කට වහ ගන්නවා ටෂ්. ශිවා ඔයා කියන්න මොකද වුණේ කියලා"
"අද බයික් රේස් එකක් තිබ්බනෙ.ඉතින් මේකිත් වැඩ්ඩා වගේ ගියා.අතක් උලුක්කු කරගෙන නැවතුනා මදැයි"
"තෑන්ක්ස් ශිවා එක්කගෙන ආවට මෙයාව"
"ඕක මොකක්ද අයිශූ ඩොක්ටර් කිව්වා සති තුනකින් ආයි එන්න කියලා.එතකන් රෙස්ට් කරන්න කිව්වා"
"හරි"මම ඇස් කොනෙන් වගේ දැක්කා ටෂ් තොලත් පිට පෙරළගෙන බිම බලාගෙන ඉන්නවා.
"එහෙනම් අයිශු මම ගිහින් එන්නම්"
"හරි පරිස්සමින් යන්න "ශිවා ගියපු වෙලාවෙම මම ටෂ්ව පොඩ්ඩක්වත් ගණන් ගන්නෙ නැතුව පඩිපෙළ නැගගෙන ආවෙ එයා එක්ක තිබුණ කේන්තියටම.
"ඒයි...සුදූ අනේ .."ටෂ් කෑ ගහගෙන මගේ පස්සෙන්ම ආවා.
"ඒයි...අනේ මම දිහා බලන්නකො"
ටෂ්මි කොච්චර කිව්වත් මම එයා දිහා බලන්නෙ නැතුව අහස දිහා බලාගෙන හිටියා.චූටි කාලෙ එයාට පොඩි තුවාලයක් වුණත් එයාටත් වැඩියෙන් අඬන්නෙ මම.එක පාරටම ටෂ්මි මගේ උරහිස්වලින් අල්ලගෙන මාව එයා ඉන්න පැත්තට හරව ගත්තා.
YOU ARE READING
පින්සාර║Gl║
Short Storyඅන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිමදා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා... ☺️❤️