01

355 50 13
                                    

මම අයිශු.මට කියලා හිටියෙ මගේ අම්මා විතරයි.ඒත් මේ හැමදේම වෙනස් වෙන්න ගත්තෙ මගේ අම්මා මාව තනි කරලා ආයි නොයෙන්නම ඈතට ගියාම.හය හතර නොතේරෙන කාලෙම අනාථයෙක් වුණ මට පවුලක් වුණේ මේ බංගලාවෙ මිනිස්සු.ඒත් මොකක්දෝ අවාසනාවකට මගේ දෙවෙනි අම්මයි අප්පච්චියි වුණ බංගලාවෙ ලොකු නෝනයි මහත්තයයි රිය අනතුරකින් නැති වුණේ මීට අවුරුදු අටකට විතර උඩදි.එදා ඉඳලා ටෂ්මිවයි මාවයි කිසිම අඩුවක් නැතුව බලාගත්තෙ ටෂ්මිගෙ අත්තම්මා.ටෂ්මි මට ඉන්න  හොඳම යාලුවා.එක කුසේ නූපන්නත් මගේ සහෝදරිය එයා.මම පිට කෙනෙක් වුණත් ටෂ්මිත් එයාගෙ අම්මයි අප්පච්චියි වගේම මට පවුලේ කෙනෙක් වගේ සැලකුවා.

අහස උසට නැගුණ කඳු වළල්ල, අතරින් පතර ඇද හැලුණු පොඳ වැස්ස , ගත කිලිපොලා යන සීතල වගේම මුළු නගරයම වසා ගත් මීදුම් පටල නුවරඑළියට නුපුරුදු ආගන්තුකයන් නම් නොවේ.අදත් සුපුරුදු ලෙසම වැහි මන්දාරමක් අහස් ගැබ වසා ගත්තෙ මුළු නුවරඑළියම සීතලෙන් ගිල්වලා.

ඉමක් කොනක් නොපෙනෙන තේ වතු යාය මැදින් පිහිටි අවුරුදු ගාණක් ඉපැරණි බංගලාව තේජාන්විතව බැබලෙනවා.මම  වත්තට වෙලා මගේ රෝස මල් පාත්තියට සාත්තු කරමින් හිටියා.රතු රෝස මල් පැළ අතරෙ කැපිලා පෙනුනු සුදු රෝස පැළයට මම ගොඩක් ආසයි.මොකද ටෂ්මි ගිය අවුරුද්දෙ මගේ උපන්දින තෑග්ග විදිහට දුන්නෙ මේ සුදු රෝස මල් පැළය නිසා.

මනෝ ලෝකෙක තනි වෙලා හිටපු මගේ මුලු ගතම හිරිවැටිලා ගියේ උණුසුම් අත් දෙකක් මගේ බඳ වටා එතුණ නිසා.

'අනේ ඇයි මැණික මට අයිති නෑ කියලා දැන දැනත් මටම ළං වෙන්නෙ.මට ගොඩක් රිදෙනවා දෙයියනේ!ඔච්චර ළං වුණාම කොහොමද මම ඉවසන්නෙ?මටත් තියෙන්නෙ හිතක්.'

"අයිශු"

"ම්ම්..මොකද මේ හුරතල් වෙන්න එන්නෙ ආ?"

"මට වඩා රෝස පැළේට සැලකිලි නේ?"

"එහෙම තමයි"

මගේ බඳ වටා එතිලා තිබුණ ටෂ්මිගෙ අත් දෙක අයින් කරපු මම හැරුණෙ මූණත් දෙක කරගෙන ඉන්න ටෂ්ගෙ පැත්තට.අවුල් වුණ කොටට කපපු කොණ්ඩය,රෝස පැහැ දෙතොල්,ඝණට වැවුනු ඇහි බැමි නිසා ටෂ්ව ගොඩක් සරාගීව පෙනුනා.

පින්සාර║Gl║Where stories live. Discover now