14 th chapter 💖

186 41 33
                                    

" ආහ් "

සෙක්‍යොන් අපහසුවෙන් ඔලුව අල්ලගන්න ගමන් ඇදේ හෙඩ් බෝඩ් එකෙන් ඔළුව තියාගත්තෙ ජහ්වාගෙත් උදව් ඇතිව.

" නූනා දැං මොකද "

සෙක්‍යොන් ලගින් ම ඇදේ වාඩි වෙන ගමන් ජහ්වා ඇහුවෙ සෙක්‍යොන් අමාරුවෙන් වගේ ඉන්න නිසා

" ඔයා දැක්කද ජහවා ඒක "

" මොකක්ද "

" හෝස් එක පාවුනා "

" මොකක් "

ජහ්වා ඇස් විසල් කරන ගමන් සෙක්‍යොන් ලගින් වාඩි වුනා.

" ඔව් අනේ "

" නූනා ඔයා ටිකක් රෙස්ට් කරන්න. එතකොට ඔය ඔලුවෙ තියන විකාර නැතිවෙලා යයි "

" මං ඇත්ත කියන්නෙ "

ආයෙමත් සෙක්‍යොන්ව ඇදේ හාන්සි කරලා යන්න හදන ජහ්වගෙ අතින් සෙක්‍යොන් අල්ල ගත්තෙ තමන්ගෙ කාමරෙ වටපිටාවත් බලන ගමන්.

" නූනා "

" ඉන්න ඉන්න..... යන්න එපා"

ජහ්වා ආයෙත් ඇදේ වාඩි වෙන ගමන් කල්පනා කලේ සෙක්‍යොන්ගෙ වචන ගැන.

ඒ වෙලාවෙම වගේ නම්ජුනුත් කාමරේට ආවෙ සෙක්‍යොන්ව බලන්න.

" අම්මා "

" ආහ්...... පුතා"

" ඔයාට මොකද වුනේ අම්මා "

නම්ජුන් සෙක්‍යොන් ලගින් ම ඇදේ වාඩි වෙන ගමන් ම ඇහුවා.

" අනේමන්ද පුතා..... හෝස් එක පාවුනා "

සෙක්‍යොන් නලල අතගාන ගමන් ජනේලෙන් එලිය බලාගත්තෙ කනස්සලු බවකින්.

" මට දෙයක් හිතෙනවා අම්මා"

" මොකක්ද "

" මං දන්නෙ නෑ..... ඒත් මට හිතෙනවා.... මේ කාස්ල් එක වෙනස් කරනවට කවෘහරි අකමැති ඇති කියලා....."

" ඔයා කියන දේවල් වැරදිලා නෑ පුතා "

________________________________

ජූන්ගෙ උරහිසින් ඔලුව තියාගෙන බැහැගෙන යන ඉර දිහා බලං හිටිය ජින්ගෙ අත් පැටලිලා තිබුනෙ තමන්ගෙ ඉන වටේ එතිලා තියන නම්ජුන්ගෙ අතත් එක්ක. දෙන්න ම කාස්ල් එකේ උඩම තට්ටුවේ කාමරේකට වෙලා ඉරට සමවැදිලා වගේ හිටියෙ කිසි ම කෙනෙක් උඩම තට්ටුවට එන්නැති බව හොදට ම දන්න නිසා.

Ghost Prince 💖 ✔️Where stories live. Discover now