12 th chapter 💖

209 40 37
                                    

" ම්හ්...... ම්.....හ්..... "

" ජූන්...."

" ජූනී...."

ජනෙල් තිර රෙදි අතරෙන් පෙරිලා එන ඉර එළිය තදින් පිය වෙලා තියන නෙත් සිප ගනිද්දි නම්ජුන් නිරුවත් පපුවට තුරුලු වෙලා නින්දෙ හිටිය ජින් හිමින් හිමින් ඇස් ඇරියා.

" ජූනී "

තමන්ගෙ නිදිබර ඇස් ඉර එළියට හුරු කර ගන්න ගමන් ජින් නම්ජුන්ගෙ කනට කරලා කෑගැහුවෙ නම්ජුන් තව තවත් තමන්ව තුරුලු කරගෙන නින්දෙන් ගොරවන නිසා.

" ජූනී..... නැගිටින්නකො අනේ...."

" ම්....හ්...."

ජින්ගෙ කරදරේ නිසා ම බලෙන් වගෙ ඇස් ඇර ගත්ත නම්ජුන් ජින්ට පොඩි හිනාවකින් සංග්‍රහ කරලා ඒ සුදු මැලි තොල් මත පුංචි හාදුවක් තැවරුවා.

" ගුඩ් මෝනින් "

" ගුම්මෝනින්ග් ජූනි "

ජින් තවත් නම්ජුන්ගෙ පපුවට තුරුලු වුනෙ වචන නොවෙන හැගීම් සමුදායක් තමන්ගෙ සිරුරෙන් පිට කරන ගමන්.

" මොකෝ මේ... උදේ පාන්දර "

නම්ජුන් ජින්ගෙ ඇස් වහගෙන හිටිය දිගු කෙස් කැරැල්ලක් ජින්ගෙ කන පිටුපසින් රැදෙව්වා.

" පාන්දර කොහෙද මෝඩයො "

" ආහ්..... එහෙනම් හවසද ?"

" යාහ්..... ජූනී "

අත මිටි කරලා නම්ජුන්ගෙ පපුවට එකක් ගැහුව ජින් අහක බලාගත්තෙ නම්ජුන් ජින්ගෙ ලස්සන ආසාවෙන් රසවිදිද්දි.

" ජූනී..... ඒක නෙවෙයි "

" ම්......"

නම්ජුන් ජින්ගෙ ප්‍රශ්නාර්ත මූහුන දිහා බැලුවෙ ඇයි අහන ගමන්

" කොහොමද අපි ඔයාගෙ කාමරේට ආවෙ "

" ආහ්..... මට පාන්දර ඇහැරුනා.... ඉතිං උස්සං ආවා..."

" මෙහෙම.... "

ජින් තමන්ගෙ නිරුවත වැහිලා තියන ඩුවට් එක උස්සලා බලන ගමන් නම්ජුන් දිහා බැලුවෙ ඇස් ලොකු කරගෙන.

" හි.......හි......"

" ඊ...... මෝඩයා කවුරුහරි දැක්කානං "

නම්ජුන් එයාගෙ ඩිම්පල් හිනාව දාද්දි ජින් නම්ජුන්ගෙ ඔළුවට එකක් ගැහුවෙ දැනුන ලැජ්ජාවට

" ඉතිං අනේ..... ඔයාව කාටවත් පේන්නෙ නෑනෙ....."

" ම්ම්..... ඔ.....ඔව්......නෙ අ......අමත්.....තක වුනා......"

නම්ජුන්ගෙ ඒ පුංචි වචන පෙළට ජින්ගෙ ඇස්වලින් කදුලක් මෝදු වුනේ නම්ජුන්ට තමන් ගැනම කේන්තියක් ඇති කරලා.

" ජිනී...... මැණික "

" ජ්.....ජූනී...... අ.....අපි..... මේක ....... මෙතනි......න් න්..... නවත්......තමු...... ඔ....ඔයාගෙ ලස්සන ජීවිතෙ..... ම.....මං නිසා නැති- "

ජින්ගෙ ඇස්වලින් නොන්වත්වා ගලන කදුලු නිසා වෙව්ලන තොල් නම්ජුන් ක්ශනිකව සිපගත්තෙ තමන්ගෙ ඇසුත් ඒ හා සමානවම තෙත් වෙද්දි.

" මට ආය හැරෙන්න බෑ මැණික "

" ජූන්....... "

තමන්ගෙ අත්වලින් ජින්ගෙ කම්මුල් වල තමන් නිසා දිලිසෙන කදුලු පාරවල් සියුම්ව පිහදාන ගමන් නම්ජුන් මිමිණුවා.










----------------------


🌸가위🌸





මේක තව කොටස් එකකින් හෝ දෙකකින් ඉවර වෙනවා.

Ghost Prince 💖 ✔️Where stories live. Discover now