8 th chapter 💖

179 40 10
                                    

නම්ජුන් කාස්ල් එකෙන් එළියට ගිහින් පාරෙ ඉස්සරහට ඇවිදගෙන ගියේ කාස්ල් එකයි කැළෑවයි අතර ඇවිදලම එපා වෙලා නිසා. තවත් ඉස්සරහට යද්දි පාර දෙපැත්තේ ලොකු ගස් යට මිනිස්සු එක එක පළතුරු වර්ග එළවළු වර්ග කරත්තවල තියාගෙන විකුණමින් හිටියෙ යම් කලබලකාරි දර්ශනයකුත් නම්ජුන්ගෙ දර්ශන පථයට ලබා දෙමින්.

" යනවා..... යනවා...... එහාට ජරා සතා......."

" ඊයා....... පලයං එහාට...... "

මිනිස්සු කිහිප දෙනෙක් වටවෙලා පුංචි ළමයෙක්ට කෑ ගහමින් ඉන්න බව නම්ජුන් දැක්කෙ එ ළගට ම නම්ජුන් ගිය නිසා.

වැරහැලි වුන ඇදුමින් සැරසිලා හිටිය පුංචි ද්රුවා දකිද්දි කාගෙ වුනත් ඇස්වලට කදුලු ආවත් ඒ මිනිස්සු හිත හදාගෙන ඒ දරුවට ගහන්නෙ කොහොමද කියන එක නම් නම්ජුන්ට හිතාගන්න බැරි වුනා.

" මොකද්ද ඔයාලා ඔය කරන්නෙ ආහ්........ ඕක නවත්තනවා...... ඔය පොඩි ළමයෙක් පෙන්නැද්ද...... ආහ්....."

පුංචි ළමයව තමාගෙ පිටිපස්සට ගන්න ගමන් නම්ජුන් ඒ මිනිස්සු එක්ක කියවං ගියෙ පොඩි දරුවව බේරගන්න හිතාගෙන.

ඒත් වුනෙ නම්ජුනුත් ඒ රන්ඩුවට ඈදෙන එක.

" ඒයි අන්න අරූ දුවනවා..... "

" මූ නිසා තමා වූ දිව්වෙ "

නම්ජුන් පුංචි දරුවව ආරක්ෂා කරගෙන ඉද්දි ඒ ළමයා නම්ජුන්ව එතන තනි කරලා දිව්වෙ නම්ජුන්ව ලොකු ප්‍රශ්නෙක පටලවලා.

අවට වෙළදාම්වල නිරත වෙලා හිටිය මිනිස්සු නම්ජුන් දිහාට අසරණ බැල්මක් හෙළුවෙ නම්ජුන් පැටළුනෙ එසේ මෙසේ මිනිස්සුත් එක්ක නොවන බව අගවමින්.

කිසි උදව්වක් නැතුව එතන තනි වුන නම්ජුන්ට ඒ මිනිස්සුන්ට අතින් පයින් සලකලා යන්න පුළුවන් වුනත් එහෙම නොකළෙ මේ තමුන්ගෙ රට නොවුන නිසා.

" මේ අහන්නකො........ අපි මේක ගොඩින් බේරගමු....."

" ගොඩින් නෙවෙයි....... දැං තමුසෙ මඩින් ඉල්ලුවත්...... තමුසෙ මෙතනින් යන්නෙ...... ඔය නහය චප්ප කරගෙන ම තමා....... "

"ආ.......හ් "

චණ්ඩි මිනිස්සු කිහිප දෙනාගෙ කතාව අවසන් වෙනවත් එක්ක ම නම්ජුන්ට හිතන්නවත් වෙලාවක් නොදී බඩට පා පාරක් වැදුනෙ එක පාර දැනුන වේදනාවට නම්ජුන්ගෙ කටින් වේදනාත්මක කෙදිරියක් පිටවෙද්දි.

තවත් කෙනෙක් උඩ පැනලා නම්ජුන්ගෙ මූණට අත මිටි කරලා ගැහුවෙ නම්ජුන්ගෙ තොල පැලිලා ලේ බිංදු කීපයක් බේරෙන්න.

ඒ එක්ක ම වගෙ නොහිතපු විදිහට හැමපැත්තෙන් ම නම්ජුන්ට ගහපු චණ්ඩි මිනිස්සු දිහාවට ගල් කැට පාරවල් එන්න ගත්තෙ අවට හිටිය අයත් ගල් කැට එන පැති දිහා හැරි හැරි බලද්දි.

" ජූන්....... දුවන්න "

තමන්ගෙ කන ළගින් ඇහුන හීනි හඩත් එක්ක එතනින් බේරිලා දිව්ව නම්ජුන් නැවතුනෙ පළවෙනි පාරට ජින්ව එයාට හමුවුන තැන.

.
.
.
.
.
.
.

" ජූන්....... රිදෙනව ද? "

නම්ජුන් හේත්තුවෙලා හිටිය බිත්තිය ළග ම නම්ජුන් ඉස්සරහ දණ ගහලා වාඩි වුන ජින් ඇහුවෙ තමන්ගෙ දිග ඇගිලිවලින් නම්ජුන්ගෙ තොල්වල රැදුනු ලේ පිහිදාන ගමන්.

" ම්ම්.......හ්ම් "

දෙපසට ඔළුව වනපු නම්ජුන් ජින්ගෙ කදුළු කැට නිසා දිලිසෙන ඇස් දිහා බලං හිටියෙ ආදරෙන්.

" ඒත් එයාලා ගැහුවනෙ......"

ජින් තමන්ගෙ අත නම්ජුන්ගෙන් ඉවතට ගන්න ගමන් ඔළුව ඇල කළා.

" දැං ඔයා ළග නෙ...... "

ජින් ගත්ත අත ආපහු තමංගෙ අත් එක්ක නම්ජුන් පටල ගත්තෙ ජින් නම්ජුන් කියපු දේ නැවත නැවත මතක් කරද්දි.

" ඒ කිව්වෙ ? "

" ඔයා මං ළග නං....... මං හොදින්...... මහෙ එන්න "

ජින් කෙළින් වෙලා නම්ජුන්ගෙන් ඈත් වෙනවත් එක්ක ම ජින්ගෙ අතින් අල්ලලා තමා වෙතට ඇදලා ගත්තෙ ජින්ව තමංගෙ උකුළෙ ඉන්දවෙන විදිහට.

ජින්ගෙ අතුත් නම්ජුන්ගෙ උරහිස් වටා එතෙද්දි, නම්ජුනුත් එයාගෙ අත් ජින්ගෙ ඉන වටා පටලවගෙන උරහිසෙ ඔළුව තියාගෙන ඇස් පියා ගත්තෙ තමා වගේ ම ජින් විතරක් තනිවුන ඉන්න ලස්සන හීනෙක අතරමං වෙන ගමන්.




_________________________



🌸가위🌸

Ghost Prince 💖 ✔️Where stories live. Discover now