15 th chapter 💖

190 39 25
                                    

අද බ්‍රිගේනියර් කාස්ල් එකේ අලුත් උරුමක්කාරයො උදේ ඉදං ලෑස්ති වෙන්නෙ ලොකු උත්සවේකට. සේවෙකයො එහාට දුවනවා මෙහාට දුවනවා..... බල්බ් වැල් අදිනවා,  මල් දාලා සරසනවා, ජනෙල් තිර රෙදි මාරු කරනවා, එක විකාරයයි.......

කොහොම කොහොම හරි හවස 4-5 වෙද්දි මුළු කාස්ල් එකම දිලිසෙන්න පටන්ගත්තෙ අද දවසෙ තියන්න හදන උත්සවේ උජාරුව අපූරුවට කියාපාන ගමන්.

" ආහ්....... පුතා "

නිදි ගැර කඩ කඩ ම ඉස්සරහට ආපු නම්ජුන්ට සෙක්‍යොන් කතා කලා.

"අම්මා.... ගොඩක් වැඩ වගේ "

" ඔව් ඔව් ඉතිං පුතෙක් හිටියා කියලා උදව් කරන එකක් යැ "

" අපො අපො මෙ....... කොරියා ගියාට පස්සෙ මට උදව් කරන්න අම්මා එනව යැ "

" අනෙ මෙ මං ඔයාගෙ අම්මා "

" ඉතිං මං ඔයාගෙ පුතා....... අහ්හ්....... නිදිමතයි..... මං ආයෙත් පොඩි ඇලට් එකක් දාලා එන්නං....... පාටිය පටන් ගත්තම කතා කරන්න "

"යාහ් පාටියටත් ඕන්නැ ඔහේව "

සෙක්‍යොන් මූණත් අකුලගෙන කෑගහද්දි නම්ජුන් අත් දෙකත් උඩට උස්සලා අත් දෙක වන වන ගියේ සෙක්‍යොන්ගෙ වචන පොඩ්ඩක්වත් නෑහුන ගානට.

------------------

හවස හයේ කනිසම පහුවෙද්දි අති සුඛෝපභෝගී කාර් කාස්ල් ගේට් එකෙන් ඇතුලට එන්න ගත්තෙ සෙක්‍යොන් ලොකු වැඩකට අර අදින බව මනාව කියාපාමින්.

උත්සවේට ආපු හැමෝම වගේ අධික ධනවත් බව කියාපානගමන් රත්තරන් පුරෝගෙන සර්ව සම්පූර්ණ බව කියාපෑවත්, සෙක්‍යොනුත් ඒ හා සමානව ම තමන්ගෙ ධනවත් බව කියාපෑවත්, හැමෝම අතරින් කැපී පෙනුනෙ චාම් ඇදුමකින් සැරසුන නම්ජුන්ව.

Navy color long sleeve T-shirt එකට black color trouser එකක් ඇදලා ඇදුමට ම ගැලපෙන Necklace එකක් ඒ සුදු මහත බෙල්ල අරක් අරගෙන හිටියෙ පාටියට ඇවිත් ඉන්න හැමෝගෙම ඇස් නම්ජුන් ලග නවත්තන ගමන්. අතේ වැලමිට ලගට නවපු T-shirt එක නිසා නම්ජුන්ගෙ නහර පිරුනු අත් එළියට පේන්න තිබුනෙ ඒ මූණෙ බේරෙන කඩවසම් බව ඇගෙනුත් පෙන්නන ගමන්. T-shirt එකෙන් six pack බෙදුන ඒ ඇග වැහිලා තිබුනත් ඒ අතරිනුත් නම්ජුන්ගෙ six packs මනාව දිස්වෙද්දි තරුණ වයසක ඉන්න කෙල්ලෙක් නිකංම්ම ඒ කඩවසම් බවට ඇදිලා යන එක නවත්තන්න කාටවත් බැරිවෙන බව නං විශ්වාසයි.

Ghost Prince 💖 ✔️Where stories live. Discover now