10 th chapter 💖

213 41 14
                                    

කළු පැහැති වළාකුළු අහස්කුස ආක්‍රමණය කරමින් සිටියේ හිරු බැස යමින් හදට ආරාධනා කරමින් ය. මේ මොහොතේ මුළු කාස්ල් එකම අන්ධකාරයේ ගිලිලා තිබුනත් පිටතට නොපෙනෙන්න තිබුණ ශාලාවක විදුලි ආලෝක දැල්වෙමින් තිබුණේ එහි කවුරුන් හෝ සිටින බව අඟවමින්.
ශාලාවට ඇතුළුවන විශාල දොරටුව වැසී තිබුනත් එයට පහළින් කුඩා ආලෝකයක් බිමට පතිත වීම නිසා එය තව තවත් තහවුරු විය.

විශාල දොරටුව විවෘත කරමින් පිටතට පැමිණි නම්ජුන් එය වසා දමා තම කාමරය දෙසට පිය මැන්නේ මද සිනහවක් මුව රඳවගෙන, දැනෙන සීතල මගහැරීමට මෙන් දෙ අත් ද එකට අතුල්ලමිනි.

තමන්ගේ කාමරයට ආව නම්ජුන් උත්සවයකට ගැලපෙන ඇඳුමකින් සැරසිලා කණ්නාඩි ඉස්සරහින් ඉදගත්තා.

" ජිනී...... ඔයාට මාව ඇහෙනවද "

" ඇහෙනවා නං මෙතනට එන්නකෝ "

" ඔයාට මගෙන් ලොකු saprice එකක් තියෙනවා "

නම්ජුන් ඒක කියලා මිනිත්තු කිහිපයක් ගත වෙනවත් සමඟම ජින් කන්නාඩිය ලගින් ම මතු වුනේ නම්ජුන්ගෙ මද සිනහව මුහුණ පුරාම විහිදුවමින් අවංක ආදරණීය සිනහවක් බවට පත් කරමින්.

" ජූන් "

" ජිනී ඔයා ආවාද ?"

නම්ජුන් ජින්ගෙ අත් තමන්ගෙ අත් අතර තද කර ගනිද්දි, ජින් නම්ජුන්ගෙ මුළු ඇදුම පුරාම ඇස් යැව්වා.

" ජූනි, ඔයා අද ගොඩක් ලස්සනයි..... ඒත් මොකද්ද සප්‍රයිස් එක "

" ම්ම්ම්ම්....... යං... එන්න....... ගිහිංම බලමු."

ජින්ගෙ ඇස් අත් දෙකෙන්ම ආවරණය කරපු නම්ජුන් ජින්වත් එක්කගෙන හඳ එළියෙන් ආලෝකමත් වෙලා තිබුණ කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ තමන් ජින් වෙනුවෙන් සරසපු ශාලාවට.

" ඇස් අරින්න එපා"

" හ්ම්ම්ම් "

ජින්ගෙන් ඈත් වුන නම්ජුන් ශාලාවේ දොර ඇරලා ඒ තුළට jinව එක්ක ගිහින් ශාලාව මැද jinව රදවලා ඈත් වුනා.

" දැන් ඇස් අරින්න "

නම්ජුන්ගෙ ගොරෝසු කට හඩ තමන්ට වඩා දුරින් ඇහෙද්දි ජින් හිමින් හිමින් ඇස් ඇරියා.

Ghost Prince 💖 ✔️Where stories live. Discover now