2 nd chapter 💖

254 44 15
                                    

ශෝටකුයි armcut ස්කිනි එකකුයි ඇඳගෙන කාමරයෙන් එලියට ආපු මම කාසල් එකෙන්  ටිකක් එළියට එන්න හිතුවේ අවට වටපිටාව ටිකක් බලන්න ආස හිතුන නිසා.

අව්වෙන් පොඩ්ඩක් හරි බේරෙන්න ඕන නිසා ම කැප් එකක් දාගෙන කාසල් එක  පිටි පස්සට ගියේ ඒ පැත්ත මොන වගේද කියල බලන්න හිතාගෙන.

" අහ්.......නම්ජූන් කොහෙද යන්නෙ ? "

" අහ්.......මම මේ අර පැත්තට පොඩිඩක් යන්න කියලා අංකල්......... "

Castle එකේ පිටිපස්සෙ තියන කැළේ පැත්තට අත දික් කරපු මම සෑම් අංකල්ට කිව්වෙ එයත් ඒ පැත්ත දිහා හැරිලා බලද්දි.

" අහ්......හා පරිස්සමෙන් ගිහින් එන්න පුතා....... බලාගෙන හැබැයි..... ඔයාගෙ ඔය look එකට වහ වැටිලා හොල්මනුත් පස්සෙන් එයි. "

සෑම් අංකල් එහෙම කියලා ඉක්මන්ට එතනින් ගියෙ මං මුකුත් කියන්නත් කලින්.

Castle එක ගොඩක් ගුප්ත පාටට පෙනුනට ඒ කැළෑවෙ නං කිසිම බයානක බවක් මට නොපෙනුනෙ ඒක ගොඩක් එළිය නිසා වෙන්න ඇති. මහ ලොකු ගස් අහසෙ ගෑවෙන්න තරම් ඉස්සිලා හිටියත් ඒකෙ තිබුණෙ අමුතුම ලස්සනක්........ ගස් අතරින් එහෙන් මෙහෙන් බේරිලා ඇවිත් තියන ඉර එළිය පවා ඇගට ගෙනාවෙ පුදුම සනීපයක්....... මටනම් කාසල් එකට යන්න හිතෙන්නෙම නැති තරම්......

කැළේ ලස්සන බලන ගමන් මං ඉස්සරහට ගියත් මට දැනුනෙ මගේ පස්සෙන් කවුරු හරි කෙනෙක් එනවා වගේ. ඒ වෙලාවෙම මම පිටිපස්ස හැරුනත්.....
ම්ම්.....හ්ම්....කවුරුත් නෑ ........
මගේ මනස්ගාත........
දෙවෙනි වතාවෙත් එහෙමයි
කවුරුත් නැ......
තුන්වෙනි වතාවෙත් කවුරු හරි එනවා වගේ දැනුන නිසා මං පිටිපස්ස හැරිලා ම හිටියේ මාත් එක්ක සෙල්ලම් කරන එකාට දෙකක් කියන්න හිතාගෙන.

ඒත් උනේ......
.
.
.
.
.
.
.
.
එකපාරටම මගේ ඔළුවේ තිබුන කැප් එක මගෙන් ඈතට පාවුන එක. ආපස්සට හැරිලා මං ඉස්සරහට දිවුවෙ කැප් එක ගන්න ඕනේ නිසා. ඒත් එක්කම මට ඇහුනෙ මං කාසල් එකට අඩිය තිබ්බ වෙලාවේ මට ඇහුන ලස්සන හිනා හඬ.

" නා......ම්......ජූ.......න් "

එය හිනා හඬෙ අයිතිකාරයා මගේ නම කියද්දී නම් මං ටිකක් ගැස්සුනා. එයා මගේ නම දන්නේ කොහොමද ?

Ghost Prince 💖 ✔️Where stories live. Discover now