3 rd chapter 💖

230 47 22
                                    

" පුතා ..........ඇති ඇති  නිදාගත්ත දැන් නැගිටින්න......."

උදේ පාන්දරම අපේ ඔම්මා මගෙ රූම් එකට ඇවිත් ජනෙල් රෙදි අරින්න පටන් ගත්තෙ මගේ රාජකාරි නින්දට බාධා කරලා. මගේ නින්දට බාධා කරන එක මම ස්කූල් යන කාලේ ඉඳන් ම අපෙ ඔම්මට කැත පුරුද්දක්. මාත් ඉතිං නිදිමරගාතෙ ම නැගිට්ටෙ උදේ පාන්දර ම ඔම්මගෙ කට ඇරගන්න ඕන නැති නිසා.

" ගුම්මෝනින්ග් ඔම්මා....."

" අද මොකෝ කරන්නෙ ඔයා......"

අම්මා ඇහුවේ මගේ ඇඳෙන් වාඩි වෙනගමන්.

" ම්ම්ම්ම්.....ඇයි ? "

" නැ.......මේ ලඟ ලස්සන පාක් එකක් තියෙනවලු...... ඉතිං ඔයාගේ අජුස්සිත් එක්ක ඒකට පොඩ්ඩක් ගිහින් එන්න කියල බැලුවේ....... ඔයත් ආසනම් යං......."

" බෑ.......ඔම්මා...... ඔයාලා යන්න .........මං තව ටිකක් කැලේ ඇවිදින්න යනවා ........."

ඔම්මා මගේ ඔළුව අත ගාද්දී මං කිව්වේ මගේ ඇඳ කෙලින්ම වෝල් එකේ එල්ලලා තියෙන මගේ භූත කුමාරයාගේ family  photo එකට ඇස් යවන ගමන්.

" අහ්.....හරි හරි එහෙනං පරිස්සමෙන් හරි ද, .........ඔය කැලෑවල සත්තු එහෙමත් ඇති ........"

" හරි මං පරිස්සම් වෙන්නම් ඔම්මා ......... ඔයාලත් පරිස්සමින් ගිහින් එන්න......"

ඔම්මත් ගියාට පස්සේ මං ලෑස්ති උනේ කැලේට ගිහින් මං දැක්ක බිල්ඩින් එකට යන්න. එකේ කොච්චර භයානක පෙනුමක් තිබුනත් මට ඒකට යන්නම ඕනේ වුණේ ඇයි කියල නම් තාම හිතාගන්න බෑ.

ටික වෙලාවකින් මේඩ් කෙනෙක් ගෙනත් දීපු කිරි එකක් අරං මං බැල්කනියට ගියේ මගේ රූම් එකට ඒ බිල්ඩින් එක පේනවද කියල බලන්න. ඒත් ඒ වෙලාවෙත් මගේ අවධානය වෙනස් කළේ මගේ භූත කොල්ලගෙ කටහඬ.

" නා........ම්.......ජූ........න්"

" කවුද ඔයා ? "

" ඇයි මගේ ඉස්සරහට එන්නේ නැත්තේ ? "

ආයෙත් ලස්සනට හිනා උන  එයාගෙ කටහඬ ඇහෙන් නැතුව ගියේ,

' namjoon ඔයාට ඔය කොල්ලව හොයාගෙනම යන්න වෙයි කියලා හිත කියද්දී.....'

වෙන්ද වගේම ඒ සී කරපු මගෙ  නිල ඇදුම ඇඟට දා ගත්තා මම කාසල් එකෙන් එළියට ඇවිත් කැලේ පැත්තට ඇවිදගෙන ගියා.

Ghost Prince 💖 ✔️Where stories live. Discover now