6 th chapter 💖

212 42 22
                                    

" කොහෙද අප්පා යන්නෙ "

තමාන්ට වඩා අඩි ගානක් ඉස්සරහින් යන ජින්ට ජූන් කිට්ටු වුනා.

" හරි මෙතන තමා ඔයාගෙ ගිෆ්ට් එක තියෙන්නෙ "

රතු තිරයකින් වහලා තියන පළලින් අඩු උස දොරක් ළග ජින් නැවතිලා ජූන් පැත්තට හැරුනා.

" ම්ම්ම්.....යං "

" නැ නැ ඔහොම ඉන්න "

" ඇයි ? "

තිර රෙද්දත් පැත්තකට කරගෙන කාමරේට යන්න හදපු ජූන්ව ජින් අත් දෙකෙන් ම අල්ලලා පැත්තකට කළා.

" මගෙ ගිෆ්ට් එක ඔයාට දුන්නට පස්සෙ මටත් ඔයාගෙන් දෙයක් ඕනි "

" තෑග්ගට තෑග්ගක් "

" නැ අනෙ "

" එහෙනං "

" අර ඔයාගෙ රෝද සපත්තු තියෙන්නෙ......."

" ඕ......."

" ඔයා ඒක පදිනවා මං දවසක් දැක්කා, මාවත් ඒ වගෙ පද්දන්න "

" අහ්...... අපෝ ඕකද හා.......හා "

" හරි එන්න....... දැං යං "

ජින් ජූන්ගෙ අතකින් අල්ලං කාමරේ ඇතුලට යද්දි ඒක අතුලෙ තිබුනෙ සුදු රෙද්දකින් වහපු ගොඩක් ලොකුයි කියලා හිතන්න පුලුවං දෙයක්.

" මොකක්ද මේ "

" ඔයාගෙ ගිෆ්ට් එක....... බලන්න "

" ඕ...... හරි "

ජින් තමාට දුන්න තෑග්ග ලගට කිට්ටු වුන ජූන් ඒක වැහිලා තිබුන සුදු රෙද්ද ඇදලා විසි කරේ ජින්ගෙ තෑග්ග බලන්න ආසාවෙන්.

" වාව්....... ජිනි.......ටේලස්කෝප් එකක් "

" ඔයා ඒකට ආසද ජූන් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔයා ඒකට ආසද ජූන් "

ටේලස්කෝප් එකත් අල්ල අල්ල ඇසුත් ලොකු කරගෙන ඒක වටෙ ඇවිදින ජූන්ගෙන් ජින් ඇහුවෙ එයාගෙ අත් දෙකෙන් ම කම්මුල් දෙක තද කරගෙන හුරතල් විදිහට.

Ghost Prince 💖 ✔️Where stories live. Discover now